ගෝලීය ආර්ථිකය අඳුරු වෙලා – ලෝක බැංකු සභාපති කියයි

457

වසංගතයේ පශ්චාත් බලපෑම් විශේෂයෙන්ම දුප්පත් රටවල ආර්ථික වර්ධනයට අඛණ්ඩව බලපාන බැවින්, ගෝලීය ආර්ථිකය ‘‘අඳුරු තත්ත්වයකට” මුහුණ දී ඇති බවට ලෝක බැංකු සභාපති ඬේවිඞ් මැල්පාස් අනතුරු අඟවා තිබේ. ඔහුගේ සංවිධානයේ නවතම පුරෝකථනයන් මඟින් පෙන්වා දෙන්නේ, 2021 දී 5.5%ක් වූ ගෝලීය ආර්ථික වර්ධනය මේ වසරේ 4.1% දක්වා අඩුවනු ඇති බවයි. වෛරස් තර්ජන, රජයේ ආධාර අඩු කිරීම, සහ භාණ්ඩ සඳහා ඇති ඉල්ලූම අඩුවීම එයට හේතු ලෙස පෙන්වා දෙයි. නමුත් සභාපති මැල්පාස් පැවසුවේ, ඔහු වඩාත්ම බියෙන් පසුවන්නේ ගෝලීය අසමානතාව පුළුල්වීම පිළිබඳව බව යි.

 ‘‘විශාලම බාධකය වෙන්නේ මේ පද්ධතිය තුළ තිබෙන අසමානතාව යි,” ඔහු බීබීසීයට පැවසීය. විශේෂයෙන්ම, උද්ධමනයට එරෙහිව පොර බැඳීම නිසා දුප්පත් රටවල් ආර්ථික පරිහානියට ගොදුරුවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේ ය.” දුප්පත් රටවල් සඳහා වූ ඉදිරි දැක්ම තවමත් පසුගාමීව යි තිබෙන්නේ. එය රටේ ආර්ථික අනාරක්ෂිත භාවයට හේතු වෙනවා.” 2023 වන විට එක්සත් ජනපදය, යුරෝපීය කලාපය, සහ ජපානය වැනි සියලූම දියුණු ආර්ථිකයන්හි ආර්ථික ක‍්‍රියාකාරකම්, වසංගතය තුළ ඇති වූ බලපෑමෙන් යථා තත්ත්වයට පත්වීමට ඉඩ ඇති බව ලෝක බැංකුව පවසයි. නමුත් සංවර්ධනය වෙමින් පවතින සහ නැගී එන රටවල නිෂ්පාදනය, කොවිඞ්වලට පෙර පැවති ප‍්‍රමාණයටත් වඩා 4%කින් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment