ගෝලීය උණුසුම අඩුකරලීමට ඇමරිකාව හා චීනය අත්වැල් බැඳ ගනී

256

දේශපාලන බල අරගලයක නිරතව සිටින ඇමරිකා එක්සත් ජනපදය හා චීනය 2015 පැරිස් සම්මුතියෙන් ඇති කරගත් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 මට්ටමේ පවත්වාගැනීමේ ඉලක්කය ළඟා කරගැනීම සඳහා එක්ව කටයුතු කිරීමට එකඟත්වය පළ කර තිබේ.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ පැවැත්වෙන දේශගුණික විපර්යාසයන් පිළිබඳ ගෝලීය පරිසර සමුළුවේදී ඇමරිකාව හා චීනය මෙසේ අදාළ ඉලක්කය එක්ව කටයුතු කිරීමට එකඟ වී තිබේ. දේශගුණික විපර්යාසයන්ට බලපා ඇති ගෝලීය උණුසුම ඇති වීමට හේතු වී තිබෙන කාබන් වැඩි වශයෙන්ම පරිසරයට මුදා හරින රටවල් දෙක සේ සැලකෙන ඇමරිකාව හා චීනය මේ පිළිබඳව පෙරේදා (10දා ) නිවේදනය කිරීමත් සමගම එයට පරිසර ක‍්‍රියාකාරීන් මෙන්ම දේශපාලකයන් ද උණුසුම් ප‍්‍රතිචාර දක්වා තිබේ. ගෝලීය උණුසුම අඩු කරලීම සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හා චීන ජනපති ෂී ජින් පින් ලබන සතියේ එකිනෙකා මුණ ගැසී සාකච්ඡුා කිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වා ඇති යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත්තේ ලෝක බලවතුන් දෙදෙනකු විසින් එක්ව සිදු කර ඇති මෙම ප‍්‍රකාශය දිරිගන්වනසුලූ වැදගත් පියවරක් බවයි. එහෙත් ග‍්‍රීන් පීස් සංවිධානය පවසා ඇත්තේ රටවල් දෙකම පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය අවම කරලීම සම්බන්ධයෙන් තවදුරටත් වැඩි කැපවීමක් සිදු කර පෙන්විය යුතු බවයි.

 සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment