ගෝලීය කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ස්ථාවර වෙයි

144

මාස දෙකක කාලයක් ඉහළ යාමෙන් පසු ලොව පුරා රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට ස්ථාවර මට්ටමකට පත් වෙමින් තිබෙන බව පෙනී යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ඉකුත් සතියේ ලොව පුරා රටවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ හා කොරෝනා මරණ සංඛ්‍යාව එයට පෙර සතියට වඩා වැඩි වී ඇත්තේ සුළු ප‍්‍රමාණයකිනි.

 එම සංවිධානයේ සතිපතා වසංගත වාර්තාවට අනුව ඉකුත් සතියේ ලොව පුරා රටවලින් කොරෝනා ආසාදිතයන් මිලියන 4.5ක් පමණ වාර්තා වී තිබූ අතර කොරෝනා මරණ 68,000ක් වාර්තා වී තිබිණි. එයට පෙර සතියේ වාර්තා වී තිබූ ගෝලීය කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 4.4ක් පමණ වූ අතර මරණ සංඛ්‍යාව 66,000ක් විය. කෙසේ වුවද ඇමරිකා එක්සත් ජනපදය, නවසීලන්තය හා ආසියාතික රටවලින් ඉකුත් සතියේ ඩෙල්ටා ප‍්‍රභේදයේ පැතිරීම මත වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ වාර්තාගත වැඩි වීමක් දක්නට ලැබුණු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment