ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව ප්‍රකාශිත සංඛ්‍යාවට වඩා තුන් ගුණයකින් වැඩියි

187

ලෝක සෞඛ්‍ය සංවිධානය

ඉකුත් දෙවසර තුළදී ලොව පුරා රටවලින් වාර්තා වූ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා කර ඇති කොරෝනා මරණ සංඛ්‍යාවට වඩා සියයට 13කින් වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදු කරන ලද නවතම ඇස්තමේන්තුවකදී අනාවරණය කරගෙන තිබේ.

මේ අනුව කොරෝනා වසංගතය පැතිරීම සිදු වූ ඉකුත් දෙවසර තුළදී ලොව පුරා රටවලින් වාර්තා කර තිබූ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව මිලියන 5.4ක් වුවද එම වසර දෙක තුළදී සැබෑ වශයෙන්ම මිලියන 15කට ආසන්න කොරෝනා මරණ සංඛ්‍යාවක් ලොව පුරා සිදුව ඇති බව අදාළ ඇස්තමේන්තුව මගින් හෙළි කර තිබේ. බොහෝ රටවල් සැබෑ කොරෝනා මරණ සංඛ්‍යාව හෙළි නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවත් ඉන්දියාවේ ඉකුත් දෙවසර තුළදී සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව එරට රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති මරණ සංඛ්‍යාවට වඩා දස ගුණයකින් වැඩි බවත් පෙන්වා දෙන සෞඛ්‍ය සංවිධානය ඒ අනුව ඉන්දියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව මිලියන 4.7 ක් බව සඳහන් කර තිබේ. ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාවෙන් තුනෙන් එකක් වන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම කොරෝනා මරණ ඇස්තමේන්තුව ඉදිරිපත් කළ පසු මෙම ඇස්තමේන්තුව සිදු කිරීම සඳහා භාවිත කළ ක්‍රමවේදය ගැන ගැටලු පවතින බව ඉන්දීය රජය පවසා ඇතත් එරට කොරෝනා මරණ ගැන සිදු කළ සෙසු අධ්‍යයනවලදීත් සෞඛ්‍ය සංවිධානය විසින් සිදු කළ ඇස්තමේන්තුව හා සමාන නිගමනයන්ට එළඹ ඇති බව වාර්තා වී ඇත.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment