ගෝලීය ත්‍රස්තවාදය ගැන  චීනයේ දෙබිඩි පිළිවෙත

340

ජාත්‍යන්තරව ත්‍රස්තවාදය මැඬලීම ගැන පුරසාරම් දොඩන චීනය ලෂ්කාර් ඊ ටයිබා නියෝජ්‍ය අමීර් අබ්දුල් රෙහ්මාන් මක්කි ‘ගෝලීය ත්‍රස්තවාදියකු’ ලෙස නම් කිරීමේ යෝජනාව අවහිර කිරීමට උත්සහ කරන බව වාර්තාවේ. මෙය චීනයේ දෙබිඩි පිළිවෙත දැන් හෙළිදරව් වීමක් බව විදෙස් මාධ්‍ය පවසයි.

 ඉස්ලාමීය රාජ්‍යයන් සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අල්-කයිඩා සම්බාධක කමිටුව යටතේ මක්කි ‘ගෝලීය ත්‍රස්තවාදියකු’ ලෙස නම් කිරීමේ ඉන්දියා – එක්සත් ජනපද ඒකාබද්ධ යෝජනාව අවහිර කිරීමට බීජිනයේ ක්‍රියාමාර්ග, ත්‍රස්තවාදී මූල්‍ය මුරකරුගේ අළු ලැයිස්තුවෙන් පිටතට පැමිණීමේ පාකිස්තානයේ අභිලාෂයන් අනතුරේ හෙළනු ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි. මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බළකාය 2022 ජූනි මස බර්ලින් හි පැවති අතර එහිදී පකිස්තානය අළු ලැයිස්තුවෙන් ඉවත් වීමට බලාපොරොත්තු වූ නමුත්, එහි බලාපොරොත්තු බිඳ දමමින් චීනය දිගටම සිය ස්ථාවරය රඳවා තබා ගැනීමට තීරණය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment