“ගෝ ගෝටා හෝම්” දුරදිග ගොස් – සාම විනිසුරු  හිටපු නාගරික මන්ත්‍රීගේ මන්න පහරින් තුවාල ලැබූ අයෙක් රෝහලේ

1056

* සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ

දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකුට මන්නයකින් පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු පානදුර රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. මෙහිදී තුවාල ලබා ඇත්තේ එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි හතලිස් පස් වියැති පුද්ගලයෙකි. බහින්බස් වීමෙන් අනතුරුව මන්නා පහර එල්ල කළ පුද්ගලයා සමාදාන විනිශ්චයකාර පදවියක් ලබා තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වේ. පසුගිය(10)දා පාන්දර මෙම සිද්ධිය සිදුවී ඇති අතර“ගෝ ගෝටා හෝම්” යැයි එක අයෙකු පැවසීම නිසා බහින් බස් වීමක් සිදුවී ඇත. එහිදී සමාදාන විනිශ්චයකාර හිටපු නාගරික මන්ත්‍රීවරයා ඔහුට මන්නා පිහියකින් පහරදීම සිදුකර ඇත. මොරටුව කොරලවැල්ල  ප්‍රදේශයේ හෝටලටයක පැවති සාදයකින් පසුව එම හෝටලය ආසන්නයේ මාර්ගයේදී දෙපිරිසක් අතර බහින්බස් වීමක් හේතු කරගෙන ගැටුමක් ඇතිවී තිබේ. මන්නා පිහි පාර ලැබූ පුද්ගලයා වයස අවුරුදු 45 ක පමණ වන අතර ඔහු මේ වන විට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබයි. පහරදීම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වන විට පරීක්ෂණ සිදුකරන බවත් තුවාලකරුට බරපතළ නොවන බවත් පොලිසිය පැවසයි. එගොඩඋයන පොලිස් ස්ථානාධිපති අනිල් මාසකෝරාල මහතා ඇතුළු නිලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

එස්.ඒ.ආර්. ප්‍රනාන්දු – මොරටුව
 

advertistmentadvertistment
advertistmentadvertistment