‘ගෝ ගෝඨා හෝම්’… සජබයෙන් 7 දා සිට ආසන මට්ටමින්  

259

‘ගෝ ගෝඨා හෝම්’ නමැති සටන් පාඨය මුල් කර ගනිමින් ලබන අපේ‍්‍රල් 07 වැනිදා දීපව්‍යාප්තව ආසන මට්ටමින් විරෝධතා පැවැත්වීමට ‘සමගි ජන බලවේගය’ තීරණය කර ඇත.

රටේ උද්ගතව පවතින තත්ත්වය පිළිබඳව සහ ඉදිරි දේශපාලන උපාය උපක‍්‍රම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සඳහා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බව එහි ප‍්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

‘‘ආණ්ඩුවේ අත්තනෝමතික හැසිරීම සහ ඊට එරෙහිව සමගි ජනබලවේගය ගනු ලබන ක‍්‍රියාමාර්ග පිළිබඳව එහිදී පුළුල් ලෙස සාකච්ඡා කළා. එහිදී ආසන මට්ටමේ විරෝධතා මාලාවක් පැවැත්වීමට මෙන්ම සමගි ජනබලවේගය මුල්වූ ප‍්‍රධාන ජාතික වේදිකාවක් නිර්මාණය කිරීමටත් යෝජනා වුණා. ඊට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ද ලැබුණා’’ යැයි හෙතෙම පැවසීය.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment