‘ගෞතම බුද්ධ මාතා’ රූගත කිරීම් ඇරඹේ…

253
තිලංග දර්ශන තලයේදී

රාජ මාතාව, රාජ මෙහෙසිය, රාජ කුමරිය යන නාමයන් ස්ත්‍රීහු හට දුලබ නොවෙති. නමුත් යම් ස්ත්‍රියක් හට “බුද්ධ මාතා” යන නමක් වේ නම් එය ලෝකයේ පරම දුර්ලභය. ආත්ම කල්ප ගණනක් පෙරුම් පුරාගෙන විත් බුදුවන සිදුහත් කුමරුන්ට සිය මව්කුසය දුන් මහාමායා දේවිය හැරුණු කොට ඒ දුර්ලභ වාසනාව උදාවූයේ කල්ප ගණනකින් උපදින වාසනාවන්ත ස්ත්‍රී රත්නයකට පමණක්ම ය. ගෞතම බුදුන් නිසාම ඒ මහා වාසනාව ලද්දී මහා ප්‍රජාපතී ගෝතමී දේවියයි.

සුවහසක් කාන්තාවන්ගේ විමුක්තිය වෙනුවෙන් මෙහෙණි සස්න ආරම්භ කීරීමට ද පුරෝගාමී වූ ඈ, සිදුහත් කුමරා කුසින් නොවැදුවද එදා මෙදා තුර අප ගෞරවයෙන් වන්දනා කරන ගෞතම බුදු සසුනේ බුද්ධ මාතාවයි.

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණයෙන් සහ තිලංග සුමතිපාල නිෂ්පාදනයෙන් දායක වන නවතම සිනමාපටය දිගහැරෙන්නේ මේ උතුම් වන්දනීය කාන්තා රත්නය වටාය.

“ගෞතම බුද්ධ මාතා” ලෙසින් නම්කර ඇති මෙම සිනමා පටයේ රූපගත කිරීම් පසුගිය 14 වැනි සිකුරාදා දිනට යෙදී තිබුණු සුබ මොහොතින් ආරම්භ කෙරිණි.

බෞද්ධ සාහිත්‍යයේ අපට හමුවන පරම පූජනීය උතුම් කාන්තා රත්නයක් වන මහා ප්‍රජාපතී ගෝතමියගේ ජීවන පුවත ඇසුරෙන්, නිෂ්පාදක තිලංග සුමතිපාලගේ සංකල්පයකට අනුව මෙහි තිර රචනය සහ දෙබස් ද ලියා ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසිනි.

සිනමාපටය පිළිබද අදහස් දක්වමින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සදහන් කළේ “ගෞතම බුද්ධ මාතා” යනු මේ සමයේ නිර්මාණය නොවන ආකාරයේ විශාල ආයෝජනයක් සහිත දැවැන්ත සිනමා නිර්මාණයක් බවය.

චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂණයෙන්, ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන්, විමල් දේශප්‍රිය සහය අධ්‍යක්ෂණයෙන්, මංජුල අයගම කලා අධ්‍යක්ෂණයෙන්, ප්‍රියන්ත දිසානායක වෙස් ගැන්වීමෙන් සහ නිමල් විජය සිරිසේන නිෂ්පාදන කළමනාකරණයෙන් ර්‍ණගෞතම බුද්ධ මාතා” සිනමා පටය සදහා දායක වී සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment