ග‍්‍රහලොව සෙන්පති ව්‍යවස්ථාදායකය උඩුයටිකුරු කරයිද?

297

ග‍්‍රහ ලොව යුද සෙන්පති අ`ගහරු හෙවත් කුජ ග‍්‍රහයා, තම ස්වක්ෂේත‍්‍ර රාශිය වූ වෘශ්චිකයේ ගමන නිමා කරමින් 2022 ජනවාරි 16 වැනිදා පස්වරු 4.30 (16.30) ට ගුරු ග‍්‍රහයනට අයත් ධනු රාශියට පිවිසෙයි.

2021 දෙසැම්බර් 05 වැනිදා පෙරවරු 5.58 සිට තම ස්වක්‍ෂේත‍්‍ර රාශියේ ගමන් කරමින්, ලොව පුරාත්, අප රට තුළත් පිපිරීම් සම`ග ගිනි අනතුරු බහුල කාලයක් නිර්මාණය කළ අග්නි කාරක අ`ගහරු තම නිසඟ ගතිය රිසි සේ පෙන්නුම් කළ අවාසනාවන්ත යුගය සුරගුරු ගේ මැඳුරේදී අවසන් කරනු ඇත.

එසේ වූවත් කුජ පිවිසෙනුයේ අප රට කුම්භ ලග්න කේන්දරයේ අයස්ථානය වූ එකොළොස් වැන්නට ය. මෙම භාවයට පැමිණෙන කුජ එකොළොස්වැන්නට කාරකවන පාර්ලිමේන්තුව නැතහොත් කැබිනට්ටුව තුළ වාද විවාද කිරීම් මතු කරන අතර නව නීති රීති රැසක් සම්පාදනය කරන්නට බොහෝ දුරට ඉඩ තිබේ.

මැති ඇමැති, මන්ත‍්‍රීවරු අතර මෙන්ම, ආණ්ඩු පක්‍ෂය තුළත්, විපක්‍ෂ කණ්ඩායම් අතරත් පාර්ලිමේන්තුව තුළදී හා ඉන් පිටතදීත් නොසන්සුන් කාරී වාතාවරණයක් ඇති වීමට ඉඩ තිබේ. කරදරකාරී හා කැළඹිලි තත්ත්වයන් හේතුවෙන් කලහකාරී බවක් ද පැන නැ`ගීමට වැඩි ඉඩක් පවතින ග‍්‍රහචලිතයක් ලෙස මෙය පෙන්වාදිය හැක.

එම සිදුවීම් සියල්ල අතරේ රට තුළත් මැති ඇමැතිවරු අතරත් වෙනස්කම් රැසක් සිදුවීමට නියමිත අතර එය රටේත් ජනතාවගේත් යහපත හා සුබ සාධනය වෙනුවෙන් සිදු කරන්නකි. නුසුදුසු පුද්ගලයන්ට තනතුරු අහිමි වන්නට හෝ තනතුරුවලින් පහත දමන්නට ඉඩ හසර විවරවන කාලයකි. 2022 පෙබරවාරි 26 වැනිදා පස්වරු 3.49 (15.49) ට සෙනසුරුට අයත් මකර රාශියට පිවිසීමෙන් පසු කුජ ග‍්‍රහයා උච්චත්වයට පැමිණීමට නියමිතය.

ග‍්‍රහලොව සෙන්පති  ව්‍යවස්ථාදායකය උඩුයටිකුරු කරයිද?


advertistmentadvertistment
advertistmentadvertistment