ග‍්‍රාමනිලධාරිනිය සමග එක්වී ඇගේ සැමියා ඝාතනය කිරීම: තවත් හමුදා සෙබළු 5ක් අත්අඩංගුවට

244

මට්ටක්කුලිය ප‍්‍රදේශයේ ග‍්‍රාමනිලධාරිනියක සමග එක්ව ඇගේ සැමියා අභිරහස් ලෙස ඝාතනය කර සිරුර කැලණි ගෙඟ් ගිල්ලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් හමුදා සෙබළුන් පස්දෙනකු කොළඹ උතුර විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් පෙරේදා (14 දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ග‍්‍රාමනිලධාරිනිය ඇගේ අනියම් සැමියා බව කියන මට්ටක්කුලිය හමුදා කඳවුරේ කෝප‍්‍රල්වරයකු සහ එම කඳවුරේම හමුදා සෙබළුන් පස්දෙනකු ඇතුළු හත්දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් හත්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින හතක කාලයක් රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීම සඳහා රැුඳවුම් නියෝග ලබාගෙන තිබේ.

සැකකාර ග‍්‍රාමනිලධාරිනිය හමුදා කෝප‍්‍රල්වරයා සමඟ පැවැති බව කියන අනියම් සම්බන්ධය මුල් කරගෙන ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතු වී තිබූ බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

මෙම අභිරහස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය මගින් ද වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඉකුත් අගෝස්තු මස 13 වැනිදා ග‍්‍රාම නිලධාරිනියගේ සැමියා පැහැරගෙන ඇති බව කියන මෙම හමුදා කණ්ඩායම ඔහු ඝාතනය කර දෑත් දෙපා ගැටගසා සේදවත්ත ප‍්‍රදේශයෙන් ඔහුගේ සිරුර කැලණි ගෙඟ් ගිල්වා ඇත.

ඊට දින කිහිපයකට පසු මෙම සිරුර මෝදර කාක¥පත ප‍්‍රදේශයට ගොඩගසා තිබියදී පොලිසිය විසින් සොයාගන්නා ලදී.

එවකට කොළඹ උතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, සහකාර පොලිස් අධිකාරි අනුරාධ මහින්දසිරි යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම ඝාතනය පිළිබඳව විමර්ශන පැවැත්වූ පොලිස් පරීක්‍ෂක නලින් ප‍්‍රියන්ත මහතා ඇතුළු නිලධාරීහු මෙහි සුලමුල අනාවරණය කර ගත්හ. වරාය අධිකාරියේ සේවය කර ඇති මෙම ග‍්‍රාමනිලධාරිනියගේ සැමියා දක්‍ෂ එල්ලේ ක‍්‍රීඩකයෙකි. පසුව මොහු වරාය අධිකාරියෙන් ඉවත් වී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී තිබිණි.

ග‍්‍රාමනිලධාරිනියගේ සැමියා ඝාතනයට ලක්වන අවස්ථාවේ ඔහු සතුව තිබූ යතුරුපැදිය ද සැකකරුවන් විසින් කපා කොටස්කර කැලණි ගඟට විසිකර ඇති අතර එහි කොටස් කීපයක් ද මේ වනවිට පොලිසිය මගින් සොයාගෙන තිබේ.

මෙම අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් තවත් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

කොළඹ උතුර විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නලින් ශ‍්‍රියන්ත මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment