ග‍්‍රාම නිලධාරීහු 25- 26 ලෙඩ වෙති

87

ග‍්‍රාමනිලධාරීන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම, සේවා ව්‍යවස්ථාව හා වැටුප් විෂමතාව නිවැරදි කිරීම ඇතුළු ගැටලූ කීපයකට විසඳුම් ඉල්ලූව ද එයට මෙතෙක් විසඳුම් නොලැබීම නිසා දිවයිනේ ග‍්‍රාමනිලධාරීන් 12,000ක් ලබන 25 හා 26 යන දෙදින අසනීප නිවාඩු දමා වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නියැළෙන බව ශ‍්‍රී ලංකා ග‍්‍රාමනිලධාරි සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා ‘‘දිවයින’’ට ඊයේ (11 වැනිදා) පැවසීය.

මෙම ගැටලූ පිළිබඳව සාකච්ඡුා කිරීමට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේම්වරයා හමුවීමට ග‍්‍රාමනිලධාරි සේවාවේ අනෙකුත් සංගම් සමග ඊයේ උදේ ගිය ද ඔහු හමුවීමට අවස්ථාවක් නොලැබුණු බව හෙතෙම කියා සිටියේය.

තවදුරටත් කතා කළ සුමිත් කොඩිකාර මහතා මෙසේද කියා සිටියේය.

අපේ ග‍්‍රාමනිලධාරීන් දෙන්නෙක් පසුගියදා ඝාතනයට ලක්වුණා. මේ නිසා ග‍්‍රාමනිලධාරීන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. නමුත් තාම විසඳුම් නැහැ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment