ග‍්‍රෑන්ඩ්පාස් තරුණයාගේ ඝාතනයට ඇල්ලූ බාලවයස් දරුවෝ 6 ක් රිමාන්ඩ් – මාකොළ ළමා රැඳවුම් නිවාසයකට යවයි

1078

* මාකොළ ළමා රැඳවුම් නිවාසයකට යවයි

ටික් ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් ඇති කරගත් ආරවුලක් දුරදිග යෑමෙන් පසු පිහියකින් ඇන දාහත් හැවිරිදි තරුණයකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි බාලවයස්කාර දරුවන් හයදෙනා ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් කාංචනා නෙරංජනී මහත්මිය ඊයේ (05 දා) සවස නියෝග කළාය.

මෙම පිහි ඇනුම ඉකුත් 03 වැනිදා කොළඹ ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේදී සිදු වී තිබිණි.

සැකකරුවන් හයදෙනා මාකොළ පිහිටි ළමා රැුඳවුම් නිවාසයේ රඳවා තබන ලෙසත් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීම සඳහා සැකකරුවන් එදිනට ආවරණය කොට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය නියෝග කළේය.

ඝාතනයට ලක් වූ මොහොමඞ් අබ්දුල් ලතීෆ් (17) නමැති තරුණයා කොරෝනා ආසාදිතයකු නොවන බවට පී. සී. ආර්. පරීක්ෂණවලදී අනාවරණය වී තිබූ බැවින් ඔහුගේ දේහය මරණකරුගේ ඥාතීන්ට භාරදෙන ලෙස ද එහිදී නියෝග කර සිටියාය.

එම නඩුව ඊයේ (05 දා) මහෙස්ත‍්‍රාත් නිල මැදිරියේදී කැඳවූ අවස්ථාවේදී අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එලෙස නියෝග කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment