ග‍්‍රීසියේ ලැව් ගිනි දරුණු වෙයි

431

ග‍්‍රීසියේ හටගෙන ඇති දරුණු ලැව් ගිනි හේතුවෙන් එරටට අයත් එවියා දූපතේ වැසියන් 2000කට අධික පිරිසක් බෝට්ටු මාර්ගයෙන් ආරක්ෂිත ස්ථාන කරා රැුගෙන යෑමට බලධාරීහු පියවර ගෙන තිබේ. ගිනි නිවන හමුදා භටයන් විසින් මෙම ලැව් ගිනි නිවීම සඳහා දැඩි පරිශ‍්‍රමයක් දැරුවද එය අසාර්ථක වී ඇති අතර එම ගිනි හේතුවෙන් දූපතේ පිහිටි නිවාස, ඉඩම් ඇතුළු විශාල භූමි භාගයක් විනාශ කරමින් ලැව් ගිනි තවදුරටත් පැතිරෙන බව ග‍්‍රීසියේ රජයේ බලධාරීහු පවසති.

 වසර 39ක කාලයකින් පසුව දරුණුම උණුසුම් කාලගුණ තත්ත්වයකට මුහුණ පා සිටින ග‍්‍රීසියේ බොහෝ ප‍්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ග‍්‍රීසිය පුරා පසුගිය දිනවල දරුණු ලැව් ගිනි කිහිපයක්ම මේ හේතුවෙන් ඇවිලෙමින් තිබූ අතර මෙම ලැව් ගිනිවල දර්ශනය බලධාරීන් විසින් හඳුන්වා දී තිබුණේ බිහිසුණු චිත‍්‍රපට දර්ශනයකට එය සමාන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment