ග‍්‍රීසියේ ලැව් ගිනි නිසා දුපතක වැසියන් බලෙන් ඉවත් කරයි

706

දේශගුණික විපර්යාසයේ ප‍්‍රතිපලයක් ලෙස ග‍්‍රීසියේ හටගෙන ඇති ලැව් ගිනි සංචාරක පුරවරයක් වන ”‍එවියා ”‍ දුපතටද පැතිර යාම හේතුවෙන් දුපත් වාසීන් මෙන්ම එහි සිටි නිවාඩුව ගතකරන්නන් විශාල පිරිසක් බලෙන්ම බෝට්ටුවක නංවා දුපතෙන් ඉවත් කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

 වැසියන් දුපතෙන් ඉවත් වීමට අකමැති වීම හේතුවෙන් මෙසේ ඔවුන්ව බෝට්ටුවක බලහත්කාරයෙන් නංවා ඉවත් කර ඇති බව වාර්තා වී ඇත .මේ වන විට දුපතේ පිහිටා ඇති නිවාස 150ක් පමණ මෙම ලැව් ගිනි හේතුවෙන් විනාශ වී ගොස් තිබේ.ග‍්‍රීසිය පුරා මේ වන විට ඇවිලෙමින් පවතින ලැව් ගිනි සංඛ්‍යාව 100කට අධිකය. මෙම ලැව් ගිනි මේ වන විට ඇතන්ස් නගරය අවට ප‍්‍රදේශවලටද පැතිර ගොස් නිවාස විශාල සංඛ්‍යාවක් විනාශ කර දමා තිබේ .ලැවි ගින්නට ගොදුරු වීමෙන් තුවාල ලැබුවන් කිහිපදෙනෙකු රෝහල්ගත කර ඇතැයි වාර්තා වීවේ.

 ග‍්‍රීසියේ හටගෙන ඇති මෙම දරුණු ලැව් ගිනිවලට හේතු වී ඇත්තේ වසර 30කට පසුව එරට මුහුණ පා ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයයි .මෙම අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් එරට බොහෝ නගරවලින් සෙල්සියස් අංශක 40 ට වැඩි උෂ්ණත්වයක් වාර්තා වී තිබේ.ඇතන්ස් නගරයට ආසන්නයේ පිහිටි බොහෝ නිවාසවල වාසය කරන වැසියන් ලැව් ගිනි සිය නිවෙන් ආසන්නයට පැමිණීමත් සමගම එම ප‍්‍රදේශවලින් පලා ගොස් තිබේ .

advertistmentadvertistment
advertistmentadvertistment