ඝාතනය වූ මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාලට රුපියල් කෝටියක් වන්දියක්

301


ඝාතනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා වෙනුවෙන් රුපියල් කෝටියක වන්දි මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය මැයි 09 වැනිදා නිට්ටඹුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කර තිබුණි.

ඝාතනයට ලක් වූ ආරක්ෂක නිලධාරියා වෙනුවෙන්ද වන්දි මුදල් ගෙවීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment