ඞීසල් බලාගාරවලින් විදුලිය ගැනීමෙන් ලංවිමට කෝටි 734ක අමතර වියදමක්

97

ඉකුත් මාස දෙකේදී ඞීසල් බලාගාරවලින් මෙගාවොට් 500ක් පමණ ලබා ගනිමින් දෛනික විදුලි අවශ්‍යතාව පිරිමසා ගැනීමට සිදුවීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයට අමතරව දැරීමට සිදු වී ඇති වියදම රුපියල් කෝටි 734ක් යැයි විදුලි ඉංජිනේරුවරු පවසති.

නවීන පන්නයේ ඞීසල් බලාගාරයකින් විදුලිය නිපදවා ගැනීමේදී එක් ඞීසල් ලීටරයකින් නිපදවාගත හැක්කේ විදුලි ඒකක හතරක් පමණි. දැනට මෙරට තිබෙන ඞීසල්

බලාගාරවලින් ඞීසල් ලීටරයක් දහනය කර ලබාගත හැක්කේ විදුලි ඒකක දෙකක් පමණ යැයිද ඉංජිනේරුවරු පවසති.

ඉකුත් දෙසැම්බර් 03 වැනිදා නොරොච්චෝල ගලඅ“ගුරු බලාගාරයේ මෙගාවොට් 300ක ජනක යන්ත‍්‍රය අක‍්‍රීය වූ පසු මෙරට තිබෙන ඞීසල් බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට සිදුවීම නිසා ඒ සඳහා රුපියල් කෝටි 2178ක පමණ මුදලක් වැය වී ඇත.

නොරොච්චෝල ගල්අ`ගුරු බලාගාරයේ මෙගාවොට් 300 ලබා ගත්තේ නම් ඒ සඳහා වැය වන්නේ මාස දෙකටම රුපියල් කෝටි 561ක පමණ මුදලකි. ජල විදුලි බලාගාරවලින් විදුලිය නිපදවූවේ නම් ඒ සඳහා වැය වන්නේ රුපියල් කෝටි 144කි.

මේ අනුව ගල්අ`ගුරු බලාගාරයේ එක් උත්පාද යන්ත‍්‍රයක් අක‍්‍රීය වීම, ජල විදුලි නිෂ්පාදනය පහළයාම යන කරුණ මුල් කරගෙන ඞීසල් පුච්චා රටේ විදුලි අවශ්‍යතාව පිරිමසා ගැනීම නිසා අතිවිශාල මුදලක් විනාශ වන බවත් නිසි කලට රටට ගැළපෙන අඩු වියදම් බලාගාර ඉදි නොකිරීම නිසා රට තව තවත් බංකොලොත් වන බවත් ඉංජිනේරුවරු පවසති.

පවතින තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී රටේ විදුලි අවශ්‍යතාව පිරිමසා ගැනීම සඳහා පෞද්ගලික ඞීසල්

බලාගාරවලින් මෙගාවොට් 300ක් මිලදී ගන්නට සැරසෙන බවත් ඒ අනුව මේ රටේ ජනතාවගේ මුදල් කෝටි ගණනක් මුදලාලිලා අතට ලැබෙන බවත් ඔවුහු කියා සිටිති.

අඩු වියදම් සහිත විදුලි බලාගාර ඉදිනොකර ඒවාට අකුල් හෙළන පිරිස ක්‍ෂණික විදුලි මිලදී ගැනීම්වලට පාර කපා ගන්නේ එමගින් පරම්පරා ගණනකට මුදල් හම්බකර ගත හැකි නිසා යැයිද ඉංජිනේරුවෝ කියා සිටිති. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්, ඉහළ නිලධාරින් දේශපාලනඥයින් පිරිසක් මෙම ක්‍ෂණික විදුලි මිලදී ගැනීම් හරහා කොමිස් ලබා ගන්නා බවත් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ද මේ

අභාග්‍යසම්පන්න තත්ත්වයට වගකිව යුතු බව එකහෙළා පිළිගන්නා බවත් ඔව්හු කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment