ඞීසල් හිගය තව දින දෙක තුනක් ඇදෙයි

268

කොළඹ වරායට පැමිණීමට නියමිත ඞීසල් මෙටි‍්‍රක් ටොන් 37,300 ක් අඩංගු නෞකාව නිදහස් කර ගත්තත් ඉන්ධන ගොඩබෑමට දින දෙක තුනක් ගතවන නිසා ඞීසල් හි`ගය තවදුරටත් පවතිනු ඇතැයි තෙල් සංස්ථාව කියා සිටී.

වරායට ළ`ගාවෙමින් තිබෙන ඞීසල් නෞකාවේ අඩංගු ඉන්ධන තොගය ගොඩබෑමට නම් ඊට අදාළ ණයවර ලිපි (එල්සී* නිකුත්කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 31 ක් මුදාහැරිය යුතුව ඇත.

මේ වනවිට තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට (සීපීඑස්ටීඑල්* මුතුරාජවෙල ගබඩා පර්යන්තයේ ඞීසල් යම් ප‍්‍රමාණයක් තිබුණත් ඒවා රටේ ඉල්ලූමට ප‍්‍රමාණවත් නැතැයි ද තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ වනවිට මගී බස් රථ හා අනෙකුත් වාහනවලට අවශ්‍ය ඞීසල් නොමැති නිසා ඉන්ධන හල් අසල දිගු පෝලිම් නිර්මාණය වී ඇත. මෙරට ප‍්‍රවාහනය සඳහා දිනකට ඞීසල් මෙටි‍්‍රක් ටොන් 5500 ක් අවශ්‍යය. විදුලි බලාගාර සඳහා පමණක් දිනකට ඞීසල් මෙටි‍්‍රක් ටොන් 3000 ක් අවශ්‍යය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment