චක්‍රලේඛය වෙනස් කරනවා ඊට පස්සේ වෙන දේ බලමු – අධ්‍යාපන ඇමැති

294

රාජ්‍ය සේවකයන් සඳහා පහසු ඇඳුම් ඇඳ සේවයට පැමිණීමට හැකි බවට නිකුත් කර තිබූ චක්‍රලේඛය නිසි පරිදි සකස් කර නැවත ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට දැනුම් දුන් බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) පැවසීය.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ගුරුවරියන් පිරිසක් සාරි නොඇඳ විවිධ ඇඳුම් හැඳ පාසල් පැමිණි අයුරු දුටු බවත්, එසේ පාසල් පැමිණෙන අයට ගන්නා පියවර කුමක්ද යන්නත් සම්බන්ධයෙන් ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කොරෝනා සමයේ රාජ්‍ය සේවකයන්ට පහසු ඇඳුමක් ඇඳගෙන එන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබූ බව කී සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය සේවකයන් කී විට ගුරුවරුන්ද ඊට අයත් වන බැවින් ඔවුන් ද මෙසේ වෙනත් ඇඳුම් ඇඳගෙන පැමිණ ඇතැයි සඳහන් කළේය.

එම චක්‍රලේඛය වෙනස් කොට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නව චක්‍රලේඛයක් ඉදිරිපත් කළ පසුව ඇතිවන තත්ත්වය ගැන බලමු යැයි කී අධ්‍යාපන අමාත්‍යවරයා, පහසු ඇඳුම් ඇඳගෙන පැමිණ සිටි ගුරුවරුන්ගේ රූපරාමු දුටු විට ඒවා පාසල්වලදී ගත් රූප රාමු නොවන බව හැඟුණු බවද කීය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment