චක්‍රලේඛ නොතකා බැංකු මූල්‍ය ආයතන, පොලිසිය වැඩ අරඹලා

303

8.5% ණය පොලිය සියයට 18ක් වෙලා
 
 20,000 වාරිකය 32,000ක් වෙලා
 
 ලීසිං ණය වාරික ගෙවන්නන්ගේ සංගමය


 ලීසිං වාරික ගෙවීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ ගැන බැංකු හා ෆිනෑන්ස් ආයතන හා පොලිස් ස්ථානක කටයුතු නොකරන බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය ශ්‍රී ලංකා මහ බැංකුවට හා පොලිස්පතිවරයාට පෙන්වා දෙයි.

 මේ වන විටත් චක්‍රලේඛ සහන නොදෙමින් සියලුම ලීසිං හිමියන් වෙත තර්ජනය කරමින් හා අපහසුතාවන්ට පත් කරමින් වාහන තමන් වෙත පවරා දෙන ලිපි ලබාදෙන ලෙස ඉල්ලමින් සිටින බව ද මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකම පොලිසියේ සහයෝගය ඇතිව ගනුදෙනුකරුවන්ගේ වාහන පැහැර ගෙන යෑම සිදුව ඇති බවද එම සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය හා ලේකම් සුමේධ අමරසිංහ යන මහත්වරු කියති.

 තවද මහ බැංකු චක්‍රලේඛය හා ලීසිං පනත අනුව කටයුතු කරන ලෙස කරන ලෙස ද එම සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

 ලීසිං ආයතන සමග වාහන උස්සන් යාමට පැමිණෙන පොලිසිය පස්සා දොරින් යම් මුදලක් අයකර ගන්නේද යන සැකය මතුව ඇති බව ද එම සංගමය පවසයි.

 සියයට 8.5 පොලියට ගත් ණය පොලිය සියයට 18 දක්වා වැඩිකර ඇති බවත් රුපියල් 20,000 ට තිබූ ණය වාරිකය අද 30,000ට ගොස් ඇති බව ද ඔවුහු අවධාරණය කරති.

advertistmentadvertistment
advertistmentadvertistment