චක‍්‍රලේඛයෙන් අලූත් අවුලක් හදලා – ලංකා ගුරු සංගමයේ සභාපති

181

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ චක‍්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇතත් මෙම සේවාවන් සංවෘත සේවාවක් බවට පත්කිරීමට අදාළ චක‍්‍රලේඛය නිකුත් කිරීමට මෙතෙක් පියවර නොගැනීම ගැටලූවක් බව ලංකා ගුරු සංගමයේ සභාපති ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා පැවසීය.

ඊයේ (06දා) අනුරාධපුර පැවති මාධ්‍ය හමුවකදී මේ බව ස`දහන් කළ සභාපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

නව චක‍්‍රලේඛයෙන් යළිත් ගුරු උපදේශක සේවය හා විදුහල්පති සේවය අතර අවුල් සහගත තත්ත්වයක් ඇති කර තිබෙනවා. මෙම ගැටලූව වහාම නිරාකරණය නොකළොත් අනාගතයේ මෙම ශ්‍රේණි දෙක අතර බරපතළ වැටුප් විෂමතාවක් ඇති වීමෙන් ගුරු වැටුප් විෂමතාවට වඩා බරපතළ අර්බුදයක් යළි ඇතිවෙනවා. එම නිසා මෙම විෂමතාව ද ඉවත් කරන ලෙස අප ඉල්ලා තිබෙනවා.

මෙම සේවාවන් සංවෘත සේවාවක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදු කළ යුතු වුවත් ඒ පිළිබ`දව අධ්‍යාපන අමාත්‍යාංශය මන්දගාමීව කටයුතු කිරීම පිළිබඳව අපේ විරෝධය පළ කරනවා.

පවතින මෙම ගැටලූ වන ගුරු උපදේශක සේවය හා විදුහල්පතිි වැටුප් විෂමතාවත්, මෙම සේවා සංවෘත සේවාවන් බවට පත්කිරීමත් කඩිනමින් සිදු කිරීමට අධ්‍යාපන බලධාරීන් විසින් පියවර ගතයුතු යැයිද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

නොච්චියාගම – එම්.එම්.පී.ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment