චන්දනගේ Online නැටුම…!

201

මානසික ආතතිය දුරුකරමින් ඉගෙනුම් කටයුතු විනෝදයක් බවට පත්කර දරුවන් ගේ මානසික සතුට වැඩිදියුණු කරන්නට අපේ රටේම ගුරුවරුන් පිරිසක් ඉදිරිපත් වීම ඇත්තටම කිව්වොත් යුගයේ අවශ්‍යතාවයක්. එකී උදාරතර කටයුත්තට මූලිකත්වය දෙමින් දරුවන් ඒකාකාරී බවින් මුදවමින් තමා නියෝජනය කරන නර්ථන කලාව නව තාක්‍ෂණය ඔස්සේ දරුවන්ට සමීප කරවන්නට මුල්වූ ශී‍්‍ර ලාංකීය නැටුම් කලාව තුළ දැවැන්ත චරිතයක් වුණ චන්දන වික‍්‍රමසිංහගෙන් අපි මේ ඔන්ලයින් නර්ථන හැදෑරීම ගැන විමසුවා.


ඇත්තටම කිව්වොත් නිරෝගී සෞඛ්‍ය සම්පන්න දිවියකට කී‍්‍රඩාව වගේම නර්ථනයත් අත්‍යවශ්‍ය දෙයක්. මේ හරහා ස්තී‍්‍ර පුරුෂ භේදයකින් තොරව දෙමවුපියන් අද තමන්ගේ දරුවන් නර්ථනයට ඉතා කැමැත්තෙන් යොමුකරනවා. අනික රියැලිටි කලාව හරහා මේක ලොකු ටෙ‍්‍රන්ඞ් එකක් වෙලත් තියෙනවා.

මේ වෙද්දී අපේ රටේ ලියාපදිංචි කලා ආයතන දහස් ගණනක් තියෙනවා. ඒ තුළ ශුද්ධ නර්ථන ශාස්ත‍්‍රය හදාරන දරුවන් දසදහස් ගණනින් ඉන්නවා.

ඉතින් මේ බැ?රුම් මොහොතේ මම හිතුවා අපි කොහොමද අපෙන් මෙතෙක් නර්ථනය ඉගෙන ගත්ත දරුවන් වෙනුවෙන් නව තාක්‍ෂණය පාවිච්චි කරන්නේ කියලා. එහෙම හිතලා මගේ සම්පූර්ණ කලායතනය අන්තර්ජාලයට පරිවර්ථනය කළා. ඒ විතරක් නෙමෙයි සිලෝන් එන්ටර්ටේට්මන්ට් ආයතනය එක්ක එකතුවෙලා කැනඩාවේ කාල්ගරිවලට වගේම ලන්ඩන්වලටත් ගෙනියන්න මම කටයුතු කළා.

චන්දනගේ Online නැටුම...!


මේ නව අත්දැකීම් හමුවේ මාස ගාණක් ගෙවල්වලින් එළියට බැහැලා යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න බැරුව ඔන්ලයින් හරහා පොත පතේ වැඩවලට යොමුවෙලා විවේකයක් නොමැතිව හිටපු මගේ නර්ථන පන්තිවල ඉගෙන ගත්තු ළමයින්ට නව ප‍්‍රාණයක් ලැබුණා කියන එක මම දැක්කා.

ඔය විදියට දරුවෝ අලූත් තාක්‍ෂණයට නැඹුරුවෙලා ප‍්‍රබෝධයෙන් නර්ථනයේ යෙදෙද්දී අම්මල තාත්තලා කියන්න පටන් ගත්තා චන්දන සර් ළඟට ඇවිත් කණ මිරිකලා ටොක්කක් අනින්නෙ නැති එක විතරයි අනිත් සියලූම දේ ඉතා නිවැරදිව වෙනව කියලා. ඇත්තටම මට හිතෙනවා දැන් අපි වෙනදට වඩා ළමයෙකුට සමීප වෙනව කියලත්. මොකද මේ වෙද්දී නව තාක්‍ෂණය හරහා ඉගැන්වෙන නැටුම් කලාව හරහා ළමයින්ගෙන් කවි ගායනා නැටුම් හැඩතල උසස් මට්ටමකට ගේන්න මා ඇතුළු මගේ කණ්ඩායමට හැකිවෙලා තියෙනවා.

විශේෂම දේ තමයි දෙමවුපියන් කියන විදියට මේ දරුවන් තුළ තිබුණ ආතතිය. ආවේගය පාලනය කරන්නත් මේ ක‍්‍රමය විශාල පිටිවහලක් වෙලා තියෙනවා. හේතුව නිවසෙන් එළියට බහින්න තහනම් වුණ දරුවෝ තමන්ගේ ගේ ඇතුළේ තනියම නටල හරි වින්දනයක් ලබන එක.

සංගීතයට නැටුමට තියෙන ඇල්ම නිසා හරි අනිවාර්යයෙන්ම හැම දරුවෙක්ම තොරතුරු තාක්‍ෂණය කියන එක ඉගෙන ගන්න ඕන. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඔන්ලයින් හරහා නටන්න ඉගෙන ගන්න පුළුවන්ද කියලා. ඕකට මගේ උත්තරේනම් අනිවාර්යයෙන්ම පුළුවන්.

ධම්මික හේවාවසම්

advertistmentadvertistment
advertistmentadvertistment