චන්දය කල්දැමීම නවතන්න යෝජනාවක්

490


රජය විසින් මුදල් නැතැයි කියමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ගනු ලබන උත්සාහය පරාජය කිරීමට මෙවර මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ විසින් තැන්පත් කර ඇති ඇප මුදල් මැතිවරණ කොමිසමට ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව පැෆරල් සංවිධානය පවසයි. ඇප මුදල් ලෙස රුපියල් මිලියන 185ක් මැතිවරණ කොමිසමේ තැන්පත් කර ඇති බවත් එම මුදල් මැතිවරණය පැවැත්වීම සඳහා යොදා ගැනීමට මැතිවරණ කොමිසමට අවස්ථාව ලබාදීමට අදාල පක්ෂ වලට හැකි බවත් පැෆරල් සංවිධානය සඳහන් කරයි. දිවුරුම් ප්‍රකාශයක් ලබාදීම මගින් එය කළ හැකි බවත් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment