චන්ද්‍රිකාට බෝම්බ ගැස්සවූ කොටියාටත් සමාව: නිදහස ලැබූ මුළු ගණන 8 ක්

409

කොටුව දුම්රිය පළේදී කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ සිසුන් අට දෙනකු කොටි බෝම්බයකින් ඝාතනය වීම ගැන වගකිවයුතු කනකේසන් දේවදාසන් සහ හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මරාගෙන මැරෙන බෝම්බකාරියක් ලවා ඝාතනය කිරීමට තැත් කළ මෝදර කෝවිලේ පූජක කනයකිපිල්ලෙයි ශර්මා ඇතුළු කොටින් අට දෙනකුට වත්මන් රජය සමාව දී නිදහස් කර ඇත.

මොවුන් අටදෙනාට අධිකරණය මගින් වරදකරුවන් කර සිරදඬුවම් නියම කර තිබිණි. ත්‍රස්ත ක්‍රියා සිදුකළ මෙම කොටි ත්‍රස්තවාදීන් අටදෙනා දේශපාලන සිරකරුවන් යයි හඳුන්වමින් ද්‍රවිඩ සන්ධානය ඔවුන්ව නිදහස් කරන ලෙස රජයෙන් ඉල්ලා තිබිණි. එසේම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයටද දැඩි බලපෑම් එල්ල කර ඇත. මෙම අටදෙනාට අමතරව තවත් හිටපු ත්‍රස්තවාදීන් 2 ක් ද ලබන සතියේදී නිදහස් කිරීමට නියමිතය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment