චන්ද්‍රිකා ජීවන්, ෆීලික්ස්  විජය කුමාරතුංග සැමරුමේ…

436

මානව හිතවාදී ප‍්‍රවීණ කලාකරු විජය කුමාරතුංගයන් දැයට අහිමි වී වසර 34ක් සපිරුණු ඊයේ (16දා) කටුනායක විජය කුමාරතුංග ස්මාරකයට විජයගේ බිරිඳ වූ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ඥාති හිතමිත‍්‍රාදීහු පුෂ්පෝපහාර දැක්වූහ.

එම උත්සවය කටුනායක දහඅටේ කණුව අසල විජය කුමාරතුංග ස්මාරකය අබියස පැවති අතර කටාන විජය කුමාරතුංග අනුස්මරණ පදනමේ සභාපති විශ‍්‍රාමලත් විදුහල්පති දයානන්ද ආරියප්පෙරුම මහතා ප‍්‍රමුඛ විජය කුමාරතුංග පදනම මගින් උත්සවය සංවිධානය කර තිබුණි.

බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ඥාති හිතමිත‍්‍රාදීහු විජය කුමාරතුංග ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූහ.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන ජීවන් කුමාරතුංග, ෆීලික්ස් පෙරේරා, බස්නාහිර පළාත් සභා හිටපු මන්තී‍්‍රවරුන් වන සංජය විජය බණ්ඩාර, පත්මසිරි කොඩිකාර, විජය කුමාරතුංගයන්ගේ සමීපතමයකු වන එම්.එස්.එම්. කබීර් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

කටුනායක – ආනන්ද නිශ්ශංක
 

advertistmentadvertistment
advertistmentadvertistment