චන්ද්‍රිකා හා මෛත්‍රි බණ්ඩාරනායක ජන්ම දින සමරුව වෙන වෙනම පවත්වති

98

දිවංගත, අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 124 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් සමරු උත්සව දෙකක් වෙන වෙනම ඊයේ (08)පැවැත්විණි. ඉන් එකක් බණ්ඩාරනායක අගමැතිතුමන්ගේ දියණියන් වන හිටපු ජනපතිනි චන්ද්‍රිකා හා සුනේත්‍රා යන දෙපළගේය. ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති අනෙක් පිංකම ශ්‍රීලනිප සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන හා දයාසිරි ජයසේකර, ශාන් විජේලාල් ද සිල්වා ඇතුළු මන්ත්‍රීවරු පිරිසකගේද සහභාගිත්වයෙන් පැවැත්විණි.

මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, ජී. එල්. පීරිස්, කුමාර වෙල්ගම, ලසන්ත අලගියවන්න, චන්දිම වීරක්කොඩි, ජගත් පුෂ්ප කුමාර යන මහත්වරු හිටපු ජනපතිනිය සහභාගි වූ සමරුවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment