චන්දිමාල් ‘එවරස්ට් පි‍්‍රමියර් ලීග්’ යයි

715

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් නේපාලයේ පැවැත්වෙන ‘එවරස්ට් පි‍්‍රමියර් ලීග්’ කි‍්‍රකට් තරගාවලියට කී‍්‍රඩා කිරීමට ගිවිසුම් ගත්වී තිබේ. එ් අනුව චන්දිමාල් එහිදී ‘බහිරවා ග්ලැඩියේටර්ස්’ කණ්ඩායම සමගින් කී‍්‍රඩා කිරීමට නියමිතව තිබේ.

 එවරස්ට් පි‍්‍රමියර් ලීග් තරගාවලිය 2016 වසරේදී ආරම්භ කෙරණු අතර එය මෙවර කි‍්‍රයාත්මක වන්නේ සිව්වැනි වරට වේ. එවරස්ට් පි‍්‍රමියර් ලීග් තරගාවලියට කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකාවේ දෙවැනි කී‍්‍රඩකයා බවට චන්දිමාල් මේ වනවිට පත්වී ඇති අතර මීට පෙර 2017දී ෆර්වේස් මහරූෆ් විසින් එවරස්ට් පි‍්‍රමියර් ලීග් තරගාවලියට කී‍්‍රඩා කර තිබිණි.

 ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයෙකු වන චන්දිමාල් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 57ක් සහ එක්දින තරග 149ක් කී‍්‍රඩාකර තිබේ. මේ වනවිට 31 වැනි වියේ පසුවන චන්දිමාල්ට පසුගිය තරගාවලි කිහිපයකදීම ජාතික කණ්ඩායම හා එක්වීමට අවස්ථාව නොලැබිණි.

 2021 එවරස්ට් පි‍්‍රමියර් ලීග් තරගාවලිය ලබන සැප්තැම්බර් 25 වැනිදා සිට ඔක්තෝබර් 09 වැනිදා දක්වා පැවැත්වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment