චන්දි සහ දික්වැල්ලගේ නැංගූරමෙන් පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

487

දිනේෂ් චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ලගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන් ජයග්‍රහණයට වඩා පරාජයට පත්වීමේ වැඩි අවදානමකට ලක්ව තිබූ බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (19 වැනිදා) හැකියාව ලැබිණි.ශ්‍රී ලංකා 7 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට එක් වූ දිනේෂ් චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකාවේ ගෞරවය රැක ගැනීමේ සටන දියත් කරමින් දිනය හමාර වන විටදී ලකුණු 99ක නොබිඳුණු සම්බන්ධතාවයක් දියත් කරමින් සිටියේය. පන්දු 135ක් පුරා සිය කඩුල්ල රැක ගත් චන්දිමාල් එක් හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 33ක් රැස් කරගෙන සිටි අතර දික්වැල්ල පන්දු 96කදී ලකුණු 61ක් රැස් කරගෙන සිටියේය. ඒ අනුව ඊයේ දිනට තරගය නතර කර දමනවිටදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කට ලකුණු 260ක් ලබා සිටියේ බංග්ලාදේශයට වඩා ලකුණු 192ක් ඉදිරියෙන් සිටිමිනි.

චන්දි සහ දික්වැල්ලගේ නැංගූරමෙන් පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

අයි. සී. සී. ලෝක කුසලාන තරගාවලිය යටතේ ක්‍රියාත්මක තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව තරගයේ අවසන් සහ පස්වැනි දින වූ ඊයේ දිනට තරගය ආරම්භ කරන විටදී කඩුලු 2ක් දැවී ලකුණු 39ක් ලබා සිටියේය. ඒ බංග්ලාදේශ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 26කින් පිටුපසින් සිටිමිනි.කෙසේ වෙතත් ඊයේ උදැසන නායක දිමුත් කරුණාරත්න සමගින් ඉනිම ආරම්භ කළ කුසල් මෙන්ඩිස් ඉක්මනින් ලකුණු රැස් කරමින් පීඩනය බංග්ලාදේශ පන්දු යවන්නන් හට නතු කිරීමට සමත් විය. ඒ අනුව තෙවැනි කඩුල්ල වෙනුවෙන් දිමුත් සමගින් ලකුණු 67ක සම්බන්ධතාවයක් ගොඩනැගූ කුසල් මෙන්ඩිස් තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී දැවී ගියේ පන්දු 43කදී ලකුණු 48ක් ලබා සිටියදීය. එක් හයේ පහරක් සහ හතරේ පහර 8ක්ද බංග්ලාදේශ පන්දු යවන්නන්ට එරෙහිව එල්ල කිරීමට මෙන්ඩිස් සමත්වී සිටියේය.

චන්දි සහ දික්වැල්ලගේ නැංගූරමෙන් පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

මේ අතර ඊයේ දිවා භෝජනයට පෙර ඇන්ජලෝ මැතිව්ස්ව ලකුණු නොලබා ක්‍රීඩාගාරයට යෑමට ඉඩ සැලැස්වූ තයිජුල් ඉස්ලාම් යළිත් වරක් වැඩි වාසි බංග්ලාදේශය දෙසට ලබා දෙමින් ශ්‍රී ලංකාවට පීඩනය වැඩි කිරීමට සමත්වූයේ දිවා භෝජනයෙන් අනතුරුව දිමුත් කරුණාරත්නගේ කඩුල්ල ද තමන්ගේ කඩුලු මල්ලට එක් කරගනිමිනි. සිය 28 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළ කරුණාරත්න දැවී යන විටදී හතරේ පහර 2ක් සමගින් ලකුණු 52ක් ලබා සිටියේය.පළමු ඉනිමේදී ලකුණු 199ක් වාර්තා කළ ඇන්ජලෝ මැතිව්ස් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment