චන්දි සහ හිමේෂ් රෙඞ්ස් දිනවති – එස්. එල්. සී. ආරාධිත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය

812

එස්. එල්. සී. ආරාධිත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ සිය දෙවැනි ජයග‍්‍රහණය වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල්ගේ රෙඞ්ස් කණ්ඩායම ඊයේ (19 වැනිදා) සමත් විය. එ් ධනංජය ද සිල්වාගේ බ්ලූස් කණ්ඩායමට එරෙහිව කඩුලූ 6ක ජයක් වාර්තා කරමිනි.

ජයග‍්‍රහණය සඳහා හිමිවූ ලකුණු 147ක ඉලක්කයක් හඹා ගිය රෙඞ්ස් කණ්ඩායම පන්දුවාර 19කදී කඩුලූ 4ක් පමණක් දැවී අදාළ ඉල්කකය පසුකර යෑමට සමත්විය. රෙඞ්ස් ඉනිම ජයග‍්‍රාහි මාවතට කැඳවාගෙන ආ නායක දිනේෂ් චන්දිමාල් තරගාවලියේ පිට පිටම වාර්තා කළ දෙවැනි අර්ධ ශතකයට හිමිකම් කීමට ඊයේ සමත්විය. පන්දු 44ක් පමණක් වැය වූ එම ඉනිමට හතරේ පහර 6ක් අන්තර්ගත විය.

ඕෂධ ප‍්‍රනාන්දු පන්දු 23කදී ලකුණු 27ක් ලබා ගනිමින් රෙඞ්ස් ලකුණු පුවරුව ශක්තිමත් කළේය. අසේල ගුණරත්න ලකුණු 23ක් සහ චාමික කරුණාරත්න ලකුණු 16ක් ලබා ගනිමින් නොදැවී කඩුල්ලේ රැුඳී සිටියේය.

කාසියේ වාසිය දිනූ රෙඞ්ස් නායකයාගේ ඉල්ලීමෙන් පළමුවෙන් පිතිප‍්‍රහාරය දියත් කළ බ්ලූස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 7ක් දැවී ලකුණු 146ක් වාර්තා කළේය. ඊයේ සිය පළමු විස්සයි විස්ස අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්වූ ධනංජය ලක්ෂාන් පන්දු 47කදී ලකුණු 55ක් රැුස් කළේය. එම ඉනිමට හතරේ පහර 6ක් ඇතුළත් විය.

ළහිරු සමරකෝන් ලකුණු 35ක් ලබා නොදැවී කඩුල්ලේ රැුඳී සිටියේය. හිමේෂ් රත්නායක ලකුණු 31කට බ්ලූස් ඉනිමේ කඩුලූ 4ක් බිඳ දැමීය.

ලකුණු සටහන

බ්ලූස් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 7ක් දැවී ලකුණු 146යි.(සදීර සමරවික‍්‍රම 15, ධනංජය ලක්ෂාන් 55, නිශාන් මධුෂ්ක 25, ළහිරු සමරකෝන (නොදැවී) 35,

රෙඞ්ස් කණ්ඩායම පන්දුවාර 19කදී කඩුලූ 4ක් දැවී ලකුණු 148යි (දිනේෂ් චන්දිමාල් 59, ඕෂධ ප‍්‍රනාන්දු 27, අසේල ගුණරත්න (නොදැවී)23, චාමික කරුණාරත්න (නොදැවී)16)

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment