චන්නගෙන් පෙම්වතුන්ට ආරාධනාවක්!

123

චන්න පෙරේරා විසින් අධ්‍යක්ෂණය කළ ‘යුගාත්‍ර’ සිනමාපටයේ පූර්ව ප්‍රචාරක පටය මුදා හැරීම හා ගීත ජනගත කිරීම පෙබරවාරි මස 14 වැනි දා පෙම්වතුන්ගේ දිනයේදී colombo city center cinema සිනමා සංකීර්ණයේ දී පෙරවරු 11.00 ට ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. චන්න පෙරේරා, මාෂි සිරිවර්ධන, අසංකි ද සිල්වා ඇතුළු සිනමා පටයට සම්බන්ධ ප්‍රවීණ ශිල්පීන් රැසක් එදින සහභාගි වන අතර ගායන ශිල්පිනී උරේෂා රවිහාරි හා සංඛ දිනෙත් විසින් සිනමාපටයට අදාළ ගීත සජීවීව එම ස්ථානයේදීම ඉදිරිපත් කරනු ලබයි. අධ්‍යක්ෂක චන්න පෙරේරා විසින් සියලුම පෙම්වතුන් හට එදිනට එහි පැමිණ ඔවුන් සමඟ මේ පෙම්වතුන්ගේ දිනය සැමරීමට සම්බන්ධ වන ලෙස ආරාධනා කර සිටී. මෙම සිනමා පටයේ මාධ්‍ය සම්බන්ධීකරණය උපුල් නිශාන්ත ගෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment