චමරිගෙන් ශතකයක්

569

කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ නෙදර්ලන්තයට එරෙහි තරගයේදී නායිකා චමරි අතපත්තු ඊයේ 23 වැනිදා ශතකයක් වාර්තා කිරීමට සමත්වූවාය. සිම්බාබ්වේහි හරාරේ පිටියේ පැවැත්වෙන මෙම තරගයේදී චමරිගේ ඉනිම හේතුවෙන් පන්දුවාර 50 අවසනදී කඩුලූ 9 කට ලකුණු 278 ක් රැුස් කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලැබිණ.

64 වැනි පන්දුවේදී සිය ශතකය සම්පූර්ණ කරගත් චමරි කැරොලින් ලැන්ග්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට පන්දු 70 කට මුහුණ දී ලකුණු 111 ක් ලබා සිටියේය. හයේ පහර 5 කින් සහ හතරේ පහර 11 කින් සමන්විත වුණු චමරිගේ මෙම ශතකය සිය 6 වැනි ශතකය විය.

හසිනි පෙරේරා සමඟ ඉනිම ඇරැඹි චමරි පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක් එක් කළේ පන්දු 82 ක් පමණක් වැය කරමිනි. එම සම්බන්ධතාව වෙනුවෙන් හසිනිගේ දායකත්වය ලකුණු 26 කි. මැද පෙළින් පන්දුවට පහර දුන් අනුෂ්කා සංජීවනී පන්දු 44 කදී ලකුණු 31 ක් ලබා ගනිමින් චමරිට පසු ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූවාය.

ලකුණු සාරාංශය

ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලූ 9 ට ලකුණු 278 යි – (චමරි අතපත්තු 111, හසිනි පෙරේරා 26, ප‍්‍රසාදිනී වීරක්කොඩි 6, ඉමේෂා දුලානි 17, නිලක්ෂි සිල්වා 26, අනුෂ්කා සංජීවනී 31, ඕෂධී රණසිංහ 09, උදේෂිකා ප‍්‍රබෝධනී 11, තාරිකා සෙව්වන්දි 01, අචිනි කුලසූරිය 00, කැරොලින් ලැන්ජ් 64/4, සිල්වර් සීගර් 41/2, හීතර් සීගර්ස් 64/1, අයිරිස් ස්විලිංග් 53/1

advertistmentadvertistment
advertistmentadvertistment