චමරිගේ නායකත්වයෙන් ලෝක කුසලානය සංචිතය නම් කෙරේ

202

2023 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (01 වැනිදා) නිල වශයෙන් නිවේදනය කරන ලදි.

තරගාවලියේ සමාරම්භක තරගය ලෙස ශ්‍රී ලංකාව පෙබරවාරි 10 වැනිදා සත්කාරක දකුණු අප්‍රිකාව සමඟින් තරග වැදීමට නියමිතය.

2023 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය පෙබරවාරි 10 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය මත තරගාවලිය සඳහා නම් කරන ලද 15 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය චමරි අතපත්තු හට හිමිව ඇත.

අයිසීසීය විසින් 2022 වසරේ විස්සයි විස්ස කණ්ඩායමට නම් කරන ලද ඉනෝකා රණවීර ද මෙම සංචිතයට ඇතුළත් වේ.

කණ්ඩායම නියෝජනය කරන අත්දැකීම් සහිත ක්‍රීඩිකාවක් වන හසිනි පෙරේරා මෙම සංචිතය සඳහා නම් කර තිබුණ ද පුහුණුවීම් අතරතුර සිදු වූ ආබාධයක් නිසා ඇයට

තරගාවලිය අහිමි වන අතර ඒ වෙනුවට සත්‍යා සංදීපනී සංචිතයට එක්කර ඇත.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව කණ්ඩායම රුමේෂ් රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ පුහුණුවීම් සිදු කළේය.

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය: චමරි අතපත්තු (නායිකා), ඕෂධී රණසිංහ, හර්සිතා සමරවික්‍රම, හසිනි පෙරේරා (ආබාධයක් නිසා සංචිතයෙන් ඉවත් කර ඇත), නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අනුෂ්කා සංජීවනී, කෞෂිනී නුත්‍යංගනා, මල්ෂා ශෙහානි, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, අචිනි කුලසූරිය, විශ්මි ගුණරත්න, තාරිකා සෙව්වන්දි, අමා කාංචනා, සත්‍යා සංදීපනී (හසිනි පෙරේරා වෙනුවට කණ්ඩායමට ආදේශ කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික වටයේ තරග කාලසටහන

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව – පෙබරවාරි 10

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය – පෙබරවාරි 12

ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව – පෙබරවාරි 16

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය – පෙබරවාරි 19
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment