චමරිගේ වේගවත් ඉනිමෙන් ශී‍්‍ර ලංකාවට පහසු ජයක්

395

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයේදී පහසු ජයක් වාර්තා කිරීමට ඊයේ (18 වැනිදා) සමත් විය. එ් ස්කොට්ලන්ත කණ්ඩයම ලකුණු 109කින් පරාජයට පත්කරමිනි.

මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පැවැති තරගයේදී කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. එ් අනුව ආරම්භ කළ ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ පන්දුවාර 20දී කඩුලූ 4ක් දැවී ලකුණු 182ක් රැුස් කළේය. මුලූ ලකුණු 34දී ලකුණු 8ක් ලබා සිටි විශ්මි ගුණරත්න ශී‍්‍ර ලංකා පළමු කඩුල්ල ලෙසින් දැවී යෑමත් සමගින් චමරි සමග පිටියට එක් වූ හසිනි පෙරේරා දෙවැනි කඩුල්ලට ලකුණු 90ක සාර්ථක සම්බන්ධතාවක් එක් කිරීමට සමත් වූවාය. එහිදී සුපිරි ඉනිමක් කී‍්‍රඩා කළ චමරි අතපත්තු පන්දු 45කදී ලකුණු 86ක් ශී‍්‍ර ලංකා ඉනිමට එක් කළාය. එම ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. හසිනි ලකුණු 17ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට හසුව දැවී ගිය අතර හර්ෂිතා මාධවි ලකුණු 23කට දැවී ගියේය.

ජයග‍්‍රාහි ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 12.1කදී මුළු ලකුණු 73කට සීමාකර දැමීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ. එහිදී ස්කොට්ලන්තය වෙනුවෙන් වැඩම ලකුණු වාර්තා කිරීමට එ්ලින් වොට්සන් සමත්වූ අතර ආබාධයක් හේතුවෙන් ඇය පිටියෙන් ඉවත් වෙද්දී පන්දු 26කින් ලකුණු 30ක් ලබා සිටියේය. එ් හැරුණුකොට සාරා බ‍්‍රයිස් ලකුණු 11ක් රැස් කළාය.

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් උදේශිකා ප‍්‍රබෝධිනි, අමා කාංචනා සහ සචිනි නිසංසලා ස්කොට්ලන්ත ඉනිමේ කඩුලූ 2ක බැගින් බිඳ දැමීය.

ලකුණු සාරාංශය

ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 4ක් දැවී ලකුණු 182යි

ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 12.1දී සියලූ දෙනා දැවී ලකුණු 73යි

advertistmentadvertistment
advertistmentadvertistment