චමරි පිතිකරණයෙන් හොඳම ප්‍රසාදය හිමිකර ගනී

322

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සිය ක්‍රිකට් ජීවිතයේ පිතිකරණ අංශයෙන් ඉහළම ප්‍රසාද ලකුණු ප්‍රමාණය හිමිකර ගෙන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් පිතිකාරිනියන් ශේණිගත කිරීම්හි 7 වෙනි ස්ථානය හිමි කරගෙන තිබේ.

ප්‍රසාද ලකුණු 664ක් හිමිකර ගෙන එම ස්ථානයට පත් වී ඇති චමරි පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගවල හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතරද 7 වෙනි ස්ථානයට පැමිණ තිබේ.

ඉන්දියාව සමග පසුගියදා නිමාවූ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී පිළිවෙළින් ලකුණු 16ක්,ලකුණු 43ක් සහ නොදැවී ලකුණු 80 ක් ලබා ගනිමින් චමරි පිත්තෙන් දස්කම් දැක්වූවාය.

ඔස්ට්්‍රලියාවේ බෙත්මූනි හොඳම පිතිකාරිනියන් ලැයිස්තුවේ පළමු ස්ථානයේ රැඳී සිටී.

ශ්‍රී ලංකා ක්‍රීඩිකා ඕශධී රණසිංහ හොඳම පන්දු යවන්නියන් අතර 26 වෙනි ස්ථානයටත් ඉනෝකා රණවීර 47 වෙනි ස්ථානය දක්වාත් ඉහළට පැමිණීමට සමත් වී ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment