චමරි යළිත් අයිසීසී සම්මානයට

228

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මැයි මාසයට අදාළ අයි.සී.සී. මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය ලබා ගැනීමට සමත් වී ඇත.

අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරි විසින් දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර ඇය මීට පෙර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ද මෙම සම්මානයෙන් පිදුම් ලැබුවාය.

කාන්තා පන්දු වාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී දැක් වූ දස්කම් මේ සඳහා හේතු වී තිබේ. එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනිය බවට ඇය පත් වූවාය.

එම තරගාවලියේ දී ඉනිම් හයකදී ඇය ලකුණු 226 ක් රැස් කළ අතර ඉනිමක සාමාන්‍ය 45.20 ක් ලෙස සටහන් විය. මැයි මාසයේ දී පමණක් චමරි අතපත්තු ලකුණු 151 ක් සහ කඩුලු 6 ක් දවා ගැනීමට සමත් වූවාය.

ස්කොට්ලන්ත නායිකා Kathryn Bryce හා එංගලන්තයේ Sophie Ecclestone ද මෙම සම්මානය සඳහා මෙවර නිර්දේශ වී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment