චමල් – සුදර්ශනී ඇතුළු හිටපු රාජ්‍ය ඇමැතිවරුන් 09කට මෙවර ධුර නෑ

243

සජබ කවුරුත් ඇමැති ධුර ගෙන නෑ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ රාජ්‍ය ඇමැතිවරු 37 දෙනෙක් ඊයේ (08 දා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දුන්හ.

ඉකුත් දිනවල සමගි ජලබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් රාජ්‍ය ඇමැති ධුර භාරගන්නා බවට රාවයක් පැතිර ගිය නමුත් ඊයේ (08 දා) දිවුරුම් දුන් රාජ්‍ය ඇමැතිවරුන් අතරට එම පක්‍ෂයේ මන්ත්‍රීවරුද කිසිවකු ඇතුළත් නොවිණි.

එහෙත් මීට පෙර සමගි ජනබලවේගයේ සිට රජයට සහාය පළකරමින් සිටි ඩයනා ගමගේ හා අරවින්ද කුමාර් යන මහත්ම මහත්මීන්ට මෙවර රාජ්‍ය ඇමැති ධුර හිමි විය.

නව රාජ්‍ය ඇමැතිවරු අතරට පළමුවරට ඇමැති ධුර හිමිවූ මන්ත්‍රීවරු දෙදෙනෙකු ඇතුළත්ය. ඒ චාමර සම්පත් දසනායක, අනූප පැස්කුවල් යන මහත්වරුන්ය.

තවද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවන් තිදෙනකුට රාජ්‍ය ඇමැති ධුර හිමිව ඇති අතර ඔවුන් වන්නේ ගීතා කුමාරසිංහ, ඩයනා ගමගේ හා සීතා අරඹෙපොල යන මහත්මීන්ය.

ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ රජයේ රාජ්‍ය ඇමැති ධුර දැරූ චමල් රාජපක්‍ෂ, ප්‍රියංකර ජයරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නිමල් ලංසා, ජයන්ත සමරවීර, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, ගුණපාල රත්නසේකර හා ජීවන් තොණ්ඩමාන් යන මන්ත්‍රීවරුන්ට මෙවර රාජ්‍ය ඇමැති ධුර හිමිවී නැත.

තවද මුදල් විෂයට හා නාගරික සංවර්ධන විෂයට රාජ්‍ය ඇමැතිවරු දෙදෙනා බැගින් පත්කිරීමද මෙවර රාජ්‍ය ඇමැතිවරු පත් කිරීමේ විශේෂත්වයකි.

රාජ්‍ය ඇමැතිවරු දිවුරුම් දීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ද එක්ව සිටියහ.

ඊයේ දිවුරුම්දුන් රාජ්‍ය ඇමැතිවරු 37 දෙනා මෙසේය.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment