චම්පික පැය තුනක් සී අයි ඞීයට උත්තර බඳී

238

පාඨලී චම්පික රණවක මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (24 දා) ප‍්‍රකාශයක් ලබාදී පිටවී ගිය අයුරු….

යහපාලන රජය සමයේ ‘යකඩ මිනිසා’ යනුවෙන් සිය ප‍්‍රතිරූපය ගොඩන`ගා ගැනීම සඳහා ප‍්‍රචාරණ කටයුතු වෙනුවෙන් රජයේ මුදල් අවභාවිත කළ බව කියන චෝදනාව සම්බන්ධයෙන් මහා නගර සහ බස්නාහිර සංවර්ධන හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24 දා* පැය 3 ක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගත්තේය.

ඊයේ පෙරවරු 9.00 ට හිටපු ඇමැතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර දහවල් 12.00 වනතුරු ඒ මහතාගෙන් මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට පැමිණෙද්දී පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන හර්ෂ ද සිල්වා, රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු තවත් දේශපාලනඥයන් කීපදෙනෙක්ම පැමිණ සිටියහ.

පසුගිය රජය සමයේ පාඨලී චම්පික රණවක මහතා මහා නගර සභා සහ බස්නාහිර සංවර්ධන ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී ‘යකඩ මිනිසා’ යනුවෙන් සිය ප‍්‍රතිරූපය ගොඩන`ගා ගැනීම සඳහා ප‍්‍රචාරණය වෙනුවෙන් රජයේ මුදල් වැය කළ බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී තිබිණි

මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස පාඨලී චම්පික රණවක මහතාට කළ දැනුම් දීමකට අනුව ඒ මහතා ඊයේ මෙසේ පැමිණ සිටියේය.

හේමන්ත රන්දුණු

චම්පික පැය තුනක් සී අයි ඞීයට උත්තර බඳී

advertistmentadvertistment
advertistmentadvertistment