චමීර ආබාධයකට ලක් වෙයි – නුවන් තුෂාර කැඳවයි

218

ක්‍රීඩකයින් 20 දෙනකුගෙන් යුතුව ආසියානු කුසලාන සංචිතයට නම් කරන ලද වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට එම තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමි වී ඇත.

 පුහුණුවීම් අතරතුර වම් පාදයේ ආබාධයකට ලක්වීම ඊට හේතු වී ඇත.

 චමීර ආසියානු කුසලාන තරග සංචාරයට සහභාගි නොවන බැවින් ඒ වෙනුවට වේග පන්දු යවන නුවන් තුෂාරව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

 මේ අතර අදාළ තරග සංචාරය සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් ක්‍රීඩකයින් 17 දෙනෙකු පමණක් ලබන 24 වැනිදා සංචාරය සඳහා පිටත්ව යනු ඇත. දිනේෂ් චන්දිමාල්, නුවනිඳු ප්‍රනාන්දු සහ නුවන් තුෂාර ආසියානු කුසලාන තරගාවලිය සඳහා වන සංචිතයට ඇතුළත් වුවත් ඔවුන් අතිරේක ක්‍රීඩකයින් ලෙස කණ්ඩායම සමඟ ගමන් නොකරනු ඇත. මේ වනවිටත් නුවන් තුෂාරගේ නම ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment