චමුදිතගේ කේස් එක සීඅයිඩීයට

501

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට නාදුනන පිරිසක් විසින් එල්ලකරනු ලැබූ ප්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් දමින්ද රාමණායක වැලිගොඩපිටිය මහතා අද පොලිස්පතිවරයාට නියෝග කළේය.

චමුදිත සමරවික්‍රම මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ කුවේර ද සොයිසා මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment