චමුදිතට ප‍්‍රමාණවත් ආරක්‍ෂාවක් දෙන්නැයි උසාවියෙන් නියෝග

127

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාට ප‍්‍රමාණවත් ආරක්‍ෂාවක් ලබා දෙන ලෙස කැස්බෑව මහෙස්ත‍්‍රාත් රුවන්දිකා වීරසිංහ මහත්මිය වින්දිතයන් ආරක්‍ෂා කිරීම සඳහා වූ විශේෂ පොලිස් ඒකකය වෙත ඊයේ (18 වැනිදා) නියෝග කළාය.

අධිකරණ නියෝගය අනුව චමුදිත සමරවික‍්‍රම මහතාට විශේෂ පොලිස් ආරක්‍ෂාවක් ලබාදීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

ඉකුත් 15 වැනිදා අලූයම පිළියන්දල වෑවල පිහිටි චමුදිත සමරවික‍්‍රම මහතාගේ නිවස අසලට පැමිණි මැර පිරිසක් ඒ මහතාගේ නිවසට ගල්මුල් සහ අසූචි ප‍්‍රහාරයක් එල්ල කර අහසට වෙඩි තබා පලා ගොස් තිබිණි.

චමුදිත සමරවික‍්‍රම මහතාගේ සහ පවුලේ සාමාජිකයන්ට ජීවිත තර්ජනයක් එල්ල වී තිබෙන නිසා ඒ මහතාට ආරක්‍ෂාවක් ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා මහතා ඇතුළු නීතිඥවරුන් පිරිසක් මෝසමක් ඉදිරිපත් කරමින් කැස්බෑව අධිකරණයෙන් ඉල්ලීමක් කළහ.

එම ඉල්ලීම සැලකිල්ලට ගත් මහෙස්ත‍්‍රාත්වරිය මෙම නියෝගය ඊයේ ලබා දුන්නාය.

හේමන්ත රන්දුණු, කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment