චමුදිත ඉමදුව ප්‍රා.සභාව කලතයි

1140

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එල්ල වු මැර ප්‍රහාරයට විරුද්ධත්වය දක්වමින් ඉමදුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික නිදහස් පෙරමුණපක්ෂයේ මන්ත්‍රී ඒ.ජී. අරුණ මහතා පැමිණීමත් සමඟින් 15 දින පැවති ඉමදුව ප්‍රා දේශීය සභාව උණුසුම් තත්වයක් ඇතිවිය.

ඉමදුව ප්‍රා දේශීය සභාව එහි සභාපති සරත් කුමාර මහතාගේ (පොදුජන පෙරමුණ) ප්‍රධානත්වයෙන් රැස්විය.

එහිදී එක්සත් ජාතික නිදහස් පෙරමුණ මන්ත්‍රී ඒගජීග අරුණ මහතා කළු සාටකයක් පැලඳ විරෝධතා පුවරුවක් රැගෙන ඉමදුව සභා ශ්‍රවනාගාරයට පැමිණි අතර එහි දී ඔහු කියා සිටියේ මාධ්‍යයට එල්ල වන මෙම මැර ප්‍රහාර තරයේ හෙලා දකින බවත්, මාධ්‍යවේදීන් වන ලසන්ත වික්‍රමතුංග ල එල්නැලිගොඩ ට සිදු වු දෙය වර්තමාන මාධ්‍ය වේදීන්ට සිදු නොවීමට දේශපාලඥයින් ලෙස අපි ක්‍රියා කල යුතු බවත්, ඒ සදහා සියළු දෙනා තමන් සමඟ එකතු වන ලෙසත් කියමින් විරෝධතා සටන් පාඨ කියමින් විරෝධය පල කරන්නට විය.

එහි දී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කියා සිටියේ මෙම විරෝධයට ද තමන් එකඟ වුවත් මේ විරෝධය දක්වන ක්‍රමයට තමන් විරුද්ධ බවයි. ‍

advertistmentadvertistment
advertistmentadvertistment