චමුදිත පාලනය කිරීමට  මීතේන්වලින් හැකිද?

1916

ඊයේ අලූයම චමුදිත සමරවික‍්‍රමගේ නිවසට මීතේන් සහ වෙනත් දුග`ද හමන වායු වර්ගවලින් සමන්විත අසූචිවලින්ද ගල්වලින්ද පහරදීම ඉකුත් පැය 24 කැළඹූ පුවත බවට පත්විය. මේ පහරදීම්වලට අමතරව අහසට ද වෙඩි තබන ලදී. කෙනෙක් තව කෙනකුට කක්කා ගැසීම ඉතාම පහත් ප‍්‍රාථමික සහ ග`දගහන ක‍්‍රියාවකි. විශේෂයෙන්ම මාධ්‍යවේදියකුට මෙවැනි ප‍්‍රහාරයක් එල්ල කළ කල්හි වැඩියෙන් ග`ද ගසන්නේ මාධ්‍යවේදියාගේ ශරීරය හෝ පරිශ‍්‍රය නොව කක්කා ගැසූ එකාගේ ආධ්‍යාත්මයයි. පසුගිය මාසයක පමණ කාලය අතරතුරදී චමුදිත සමරවික‍්‍රමගේ යූටියුබ් චැනලය බෙහෙවින් මතභේදාත්මක තත්ත්වයට පත්විය. තමන් සමග යූටියුබ් සාකච්ඡුාවට එන දේශපාලනඥයාගෙන් වේවා නිළියගෙන් වේවා භික්‍ෂූන් වහන්සේගෙන් වේවා වෙන්ඩ මිසිස් වර්ල්ඞ්ගෙන් වේවා ඔහු ඉතා දරුණු ලෙස ප‍්‍රශ්න කළේය. මෙබඳු ප‍්‍රශ්න කිරීමක් අපට අපේක්‍ෂා කළ හැක්කේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙනි. එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකව සිටි දැනට ස්විට්සර්ලන්තයේ ජීවත්වෙමින් ප‍්‍රතිපත්තියක් වශයෙන් අතුරුදන්ව සිටින නිශාන්ත ද සිල්වා රාළහාමි, දැනට විශ‍්‍රාමිකව සිටින එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර රාළහාමි සහ එම දෙපාර්තමේන්තුවේ සිටි සහකාර පොලිස් අධිකාරී ලෙස කටයුතු කර දැනට අතපොවන මානයේ නැති තිසේරා රාළහාමි වැනි පුද්ගලයන්ගෙන් පමණි. චමුදිතගේ යූටියුබ් චැනල් එක මේ රටේ ඉතාම ජනපි‍්‍රය චැනලයකි. ඔහුගේ ප‍්‍රශ්න කිරීමේ විලාසිතාව නිසා ඔහු විශාල වශයෙන් හතුරන් ඇති කරගත් බව පෙනේ. පසුගිය කාලයේදී ශ‍්‍රී ලංකාවේ මිසිස් වර්ල්ඞ්ව සිට ඔටුන්න ගලවා බලයෙන් පහකරන ලද පුෂ්පිකා ද සිල්වා සමග ඔහු පැවැත්වූ සම්මුඛ සාකච්ඡුාව ඉතා දරුණු ය. ඥානසාර හිමියන් සමග කළ සංවාදය අවසානයේදී ගුටිකෙළියක් හටගනු ඇතැයි අපි තීන්දු කළෙමු. කොවිඞ් 19 මස්තකප‍්‍රාප්තව පැවැති මොහොතේදී චමුදිතත්, ෆේස් බුක් එකේ පමණක් සිටින පියුමි හංසමාලි නමැති නවක නිළියත් පොලිස් ඇමැති සරත් වීරසේකරත්

 එකගොඬේ එකතරමට ගුටි කෙළගත්හ. වීරසේකර සහ හංසමාලි අතර සිදුවුණු මානුෂීය උදව් උපකාරයක් සම්බන්ධයෙන් චමුදිත කළ විවේචනයේදී හංසමාලි කියා සිටියේ ඔහු මාධ්‍ය නාට්ටාමි කෙනෙකු බවය. නාට්ටාමි කෙනෙකු යනු ගෞරවනීය වෘත්තියකි. නාට්ටාමි විසින් සිදුකරනු ලබන්නේ ඔබට හෝ මට එසවීමට බැරි බර ඔසවාගෙන අපට අභිමත තැනට ගෙන ගොස් ඒ වෙනුවෙන් ගාස්තුවක් ලබාගැනීම ය. ඒ නිසා නාට්ටාමිවරුන්ට කරන ලද අපහාසය සම්බන්ධයෙන් පියුමි හංසමාලිට එරෙහිව කිසියම් වූ පියවරක් ගතයුතුව තිබිණ. එහෙත් නාට්ටාමිලා ද මේ රටේ සිටින සමස්ත ජනතාවගෙන් සියයට අනූවක් පමණ දෙනා මෙන් පියුමි හංසමාලි යන නම අසාවත් නැත. චමුදිතට පහරදීමේ කාරණයේදී මේ පිළිබ`දව තාර්කික විග‍්‍රහයක් ඉදිරිපත් කරන කෙනෙකුට පහත ස`දහන් වෝහාරික මතවාදය ඉදිරිපත් කළ හැකිය.

 1. පියුමි හංසමාලිගේ කබ්බන් චමුදිතට පහරදුන් බව (පියුමි හංසමාලි මෙම පහරදීම කළ බව මෙයින් නොහැෙඟ්. එය කළෝ කබ්බෝය.)

 2. පුෂ්පිකා ද සිල්වාගේ රසිකයන් චමුදිතට පහරදුන් බව (එය රසිකයන් කළ බැවින් පුෂ්පිකා ද ඊට සම්බන්ධ නැත.)

 3. ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ බැතිමතුන් චමුදිතට පහරදුන් බව (එය කිසියම් ආලම්භන ප‍්‍රීතියකින් කළ පහරදීමක් නිසා ඥානසාර හිමියන් එයට සම්බන්ධ නැත.)

 4. සරත් වීරසේකර සිය ගෝලයන් ලවා චමුදිතට පහරදුන් බව (චී… චී… සරත් හෝ ගෝලයන් මෙයට කිසිසේත්ම සම්බන්ධ නැත.)

 මෙය චමුදිතට හිරිහැර කෙරුණු පළමුවන අවස්ථාව නොවේ. මෙයට පෙර ද හංසමාලි – වීරසේකර සිද්ධියෙන් පසු ඔහුට විවිධ නිර්නාමික දුරකථන ඇමතුම් ලැබුණේය. ඉන්පසු ඒ සිද්ධිය යටගියේය. මෙවර චමුදිතට පහරදුන් කට්ටිය පැමිණ ඇත්තේ සුදු වෑන් එකකිනි. තවත් විටක කියන්නේ වැගන්ආර් එකකින් ඒ පිරිස පැමිණි බවය. සියලූ ප‍්‍රචණ්ඩ කොන්ත‍්‍රාත්කරුවන් දැනට පසළොස් අවුරුද්දක සිට ගමන් බිමන් යන්නේ සුදු වෑන්වලිනි. එම වෑන්වල වර්ණය වෙනස් කිරීම ස`දහා සුදුසු කාලය දැන් පැමිණ ඇත. මීළඟට එවැනි වැඩ ස`දහා යෙදිය යුත්තේ කහපාට වෑන් ය. කහ යනු කිලෝව තවමත් රුපියල් අටදහසක් වන කුළුබඩුවක් වනවාට අමතරව ස්වාධීනත්වයේ වර්ණයයි.

 1994 න් පසු මේ රටේ කලාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට ගුටිදීම පුරුද්දක් බවට පත් විය. ඔවුන් අතුරුදන් කිරීම පෙරකී පුරුද්දේ නරකම දිගුව විය. ලසන්ත වික‍්‍රමතුංග මරණ ලද්දේ පිටරටවල බැටළුවන් මරණ ආයුධයකිනි. ප‍්‍රගීත්

 එක්නැලිගොඩ කොපමණ සූක්‍ෂම ලෙස වාෂ්ප වීද යත් ඔහුගේ කුඩු කැබැල්ලක්වත් අදටත් නැත. මේ පුවත්පතේ හිටපු කතුවරයකු වූ උපාලි තෙන්නකෝන්, ලසන්ත වික‍්‍රමතුංගගේ ඉරණමටම මුහුණදීමට ගොස් ඇමරිකාවට පැන ජීවිතය බේරාගත්තේය.

 මේ කතුවැකිය අවසාන කරන මේ මොහොතේදී ඉතිරි වන එකම ප‍්‍රශ්නය චමුදිත සමරවික‍්‍රමට පහර දුන්නේ කවරෙක්ද යන්නය. එම ප‍්‍රශ්නය නිරාකරණය කිරීමට ක‍්‍රම දෙකක් තිබේ. පළමුවන ක‍්‍රමය නම් කුලී හේවායන් කිහිපදෙනකු ඉදිරිපත් කර නඩුවක් ඉදිරියට ගෙනගොස් සාක්‍ෂි මදි බැවින් ඔවුන් නිදහස් කිරීම ය. දෙවැන්න චමුදිත විසින්ම තමාට ගසා ගන්නා ලද බව කියා ඇඟබේරා ගැනීමය.

advertistmentadvertistment
advertistmentadvertistment