චහල් සහ ගෞතම්ට ද කොරෝනා

203

ශ‍්‍රී ලංකාවේ තරග සංචාරයක යෙදුණු ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ පා දඟ පන්දු යවන ක‍්‍රීඩක යුෂ්වේන්ද චහල් සහ තුන් ඉරියව් ක‍්‍රීඩක කේ. ගෞතම්ට කොවිඞ් 19 ආසාදනය වී ඇති බව ඊයේ (30දා* තහවුරු වී ඇත.
 
කෘනාල් පාණ්ඩ්‍යා හට පසුගිය 27 වැනිදා කොවිඞ් 19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වීමෙන් පසුව නිරෝධායනයට ලක් වූ ක‍්‍රීඩකයන් 8 දෙනා අතරට යුෂ්වේන්ද චහල් සහ කේ. ගෞතම් ද අයත් වූහ.
 
කෘනාල් පාණ්ඩ්‍යාගේ සමීපතම ආශි‍්‍රතයන් ලෙස නිරෝධායනයට ලක්කර තිබූ ක‍්‍රීඩකයන් 8 දෙනා නියමිත කාල වකවානු වල කොවිඞ් පර්යේෂණවලට යොමුකර තිබුණි.
 
කෙසේ වෙතත් ඊයේ දිනයේ ලද පර්යේෂණ වලින් තහවුරු වූයේ ඔවුන් දෙදෙනාට කොවිඞ් 19 වැළඳී ඇති බවයි. ඒ අනුව චහල් සහ ගෞතම්ට ද කෘනාල් පාණ්ඩ්‍යාට ද ඊයේ (30දා* දිනයේ සියරට බලා පිටත්ව යෑමට නොහැකි වුණි.
 
කෘනාල් පාණ්ඩ්‍යා තවත් සතියක් පමණ හෝටල් නිරෝධායනයේ සිටිනු ඇති අතර චහල් සහ ගෞතම් දෙදෙනාද අදාළ නිරෝධායන කාල සීමාව නිමාවීමෙන් පසු ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.
 
ඔවුන් සමඟ නිරෝධායනයට ලක්වෙමින් සිටි කෘනාල් පාණ්ඩ්‍යාගේ සොහොයුරු හර්දික් පාණ්ඩ්‍යා, මනීෂ් පාණ්ඬේ, දීපක් චහර් සහ ඉෂන් කිෂාන් ඉන්දීය කණ්ඩායමේ සෙසු ක‍්‍රීඩකයෝ සමඟ ඊයේ (30 දා* ඉන්දියාව බලා පිටත්ව ගියහ.
 
එසේම නිරෝධායනය වෙමින් සිටි අනෙක් ක‍්‍රීඩකයන් දෙදෙනා වන සූර්යකුමාර් යාදෙව් සහ ප‍්‍රිතිව් ෂෝ දෙදෙනා එම කණ්ඩායම සමඟ ඉන්දියාව බලා පිටත්ව නොගිය අතර ඔවුන් දෙදෙනාද ශ‍්‍රී ලංකාවේ සිට කෙලින්ම එංගල්නතය බලා පිටත්ව යෑමට නියමිතව සිටින්නේ එංගලන්ත සංචාරයට ඔවුන් කැඳවා ඇති බැවිනි.
 
 කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment