චාමර, කසුන්, නිරාන්  ජයග‍්‍රහණ ලබති – නිදහස් උදාන ෆ්ලයිංවීල් පාපැදි තරගාවලිය

121

වත්තල ෆ්ලයිංවීල් පාපැදි සමාජය සංවිධානය කළ කිලෝමීටර 128ක් ‘‘දුරැති නිදහස් උදාන ෆ්ලයිංවීල් පාපැදි සවාරිය’’ යුද හමුදාව නියෝජනය කළ චාමර මධුෂාන් (පළමු ස්ථානය), කසුන් විශ්මික (දෙවන ස්ථානය) සහ නිරාන් පසිඳු (තෙවන ස්ථානය) විසින් ජයග‍්‍රහණය කිරීමට සමත්වූහ.

එයට අමතරව පාපැදි සවාරියට සහභාගි වූ වයස අවුරුදු 20න් පහළ තරගකරුවන් අතුරින් සවාරිය නිමකළ විසිදෙනා අතර සිටි සුරේෂ් තරංග (යුද හමුදාව), නිර්මාල් එරංග (යුද හමුදාව) සහ පවිඳු භානුක (මාතර සුපර්වීල්) පිළිවෙළින් පළමු දෙවන හා තෙවන ස්ථාන හිමිකර ගත්හ.

වත්තල හරීන් ප‍්‍රනාන්දු පදනමේ පූර්ණ අනුග‍්‍රහය ඇතිව පාපැදි සවාරියේ ජයග‍්‍රාහකයන් විසිදෙනකුට මුදලින් ත්‍යාග හිමි වූ අතර ඉන් දහතුන් දෙනෙකුම ආරක්ෂක සේවා නියෝජනය කළ කී‍්‍රඩකයන් වීම විශේෂත්වයකි.

එයට අමතරව ප‍්‍රවීණ පාපැදි ශූරයින් නව දෙනෙකුට සහ එක් පාපැදි ශූරියකට මුදලින් රු.10,000/=ක් බැගින් සහ උපහාර සම්මාන පිරිනැමුණි.

තරග ප‍්‍රතිඵල

1. චාමර මධුෂාන් – යුද හමුදාව

2. කසුන් විශ්මික – යුද හමුදාව

3. නිරාන් පසිඳු – යුද හමුදාව

4. සුරංග රණවීර – මාබෝල – වත්තල

5. සුරේෂ් තරංග – යුද හමුදාව

6. කල්ප රසංජන – දඬුගම ජාඇල

7. අචින්ත රුක්මාල් – යුද හමුදාව

8. නිර්මාල් එරංග – යුද හමුදාව

9. අමිල කුමාර – නාවික හමුදාව

10. චතුර මධුෂාන් – කුඩාවස්කඩුව, වස්කඩුව

11. ලෂාන් ප‍්‍රදීප් – දිනපොළවත්ත, මොරටුව

12. පියුමාල් චන්දික – නාවික හමුදාව

13. එම් ඞී. මෙඩොන්සි – යුද හමුදාව

14. විශාන් ලානිත් – යුද හමුදාව

15. පි‍්‍රයදර්ශන පෙරේරා – යුද හමුදාව

16. පවිඳු භානුක – මාතර සුපර්වීල්

17. අමල් සුරංග – රිලවුල්ල කඳාන

18. නුවන් කුමාර – දෙහිවල ගල්කිස්ස නගර සභාව

19. දිනුෂ සාරංග – යුද හමුදව

20. පැතුම් සම්පත් – යුද හමුදාව

හැඳල – පී. ජේ.  ස්ටැනිස්ලස්

advertistmentadvertistment
advertistmentadvertistment