චාමිකට වසරක අත්හිටවූ තරග තහනමක්

261

ඔස්ටේ්‍රලියාවේ පැවති පන්දු වාර 20-20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ වගන්ති උල්ලංඝණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට වසරක අත්හිටවූ තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත්කළ ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (23 වැනිදා) නිවේදනය කළේය.

ඊට අමතරව චාමිකට ඇමෙරිකානු ඩොලර් 5000ක දඩයක්ද නියම කරන ලෙස ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී.

එමෙන්ම මින් ඉදිරියට කලහකාරී හැසිරීම්වල නිරත නොවන ලෙස චාමිකට දැඩි ලෙස අවවාද කළ යුතු බවටත් අදාළ කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට දන්වා තිබෙන බව එම නිවේදනයේ දැක්වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment