චාමික කැන්ඩි අපරාජිත කරයි

306

එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගි වූ පළමු තරග තුනම ජයග්‍රහණය කිරීමට වනිඳු හසරංග ගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වී තිබේ.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරග දෙක ජයග්‍රහණය කළ ඔවුහු මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පෙරේදා පැවති තරගයෙන් ද කඩුළු 3ක ජයග්‍රහණයක් ලැබූහ.

මෙවර එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවැති තරග අතරින් වඩාත් උණුසුම් තරගය බවට පත් වුණු එම තරගෙයේදී ජැෆ්නා කිංග්ස් පිලට එරෙහිව අවසන් පන්දුවේදී ජය වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්විය. අවසන් පන්දු වාර 2 තෙක්ම ජැෆ්නා කිංග්ස් සන්තකයේ තිබූ තරගය, කඩුලු 3 ක ජයක් ලෙස ෆැල්කන්ස් පිල ලියා ගන්නා විටත් එහි වැඩි ගෞරව චාමික කරුණාරත්න විසින් දිනා ගැනීමට සමත්වීය.

ෆැල්කන්ස් ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 12 දී ලකුණු 31 ක් අවශ්‍ය වූ අතර අවසන් පන්දු වාරයේදී ලකුණු 16 ක අභියෝගයක් ජැෆ්නා හමුවේ පැවැති අතර ඉන් පළමු පන්දු දෙකම හයේ සීමාවට ඉහළින් යැවීමට චාමික කරුණාරත්න සමත් වූයේය.

පෙර තරගයේදී පන්දුව මුහුණේ වැදීම නිසා දත් 4 ක් ගැලවී ගිය චාමික කරුණාරත්න ඉන් සිදු වූ මුහුණේ තුවාලය සඳහා මැහුම් 30 ක් යොදා තිබියදී මෙම තරගයට ක්‍රීඩා කිරීම කැපී පෙනිණි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 147 ක් වාර්තා කළ අතර කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ද කඩුලු 7ක් දැවී තිබියදී එම සීමාව ඉක්මවා ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment