චාමික සහ භානුක ශී‍්‍ර ලංකාව දිනවති

680

ඕමානයට එරෙහිව පැවැති දෙවැනි විස්සයි විස්ස කි‍්‍රකට් තරගයයේදී කඩුලූ 5ක ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම පෙරේදා (09 වැනිදා) සමත් විය. ඒ අනුව දෙරට අතර තරග දෙකකින් සමන්විත විස්ස විස්ස තරගාවලියේ තරග දෙකම ජයගනිමින් තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි.

ඕමානයේ අල් අමරත් කී‍්‍රඩාංගණයේදී ලකුණු 160ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 17.3කදී කඩුලූ 5ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යෑමට සමත්විය. ශී‍්‍ර ලංකා ඉනිමේ පළමු කඩුලූ 5 මුළු ලකුණු 89දී බිඳ වැටීමෙන් අනතුරුව පිටියට එක් වූ චාමික කරුණාරත්න සහ භානුක රාජපක්ෂ එක්ව ලකුණු 74ක සම්බන්ධතාවක් දියත් කරමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම ජයග‍්‍රහණය සඳහා රැුගෙන යෑමට කටයුතු කළේය. කරුණාරත්න එහිදී නොදැවී පන්දු 26කදී හයේ පහර 3ක් සමගින් මුළු ලකුණු 35ක් සහ භානුක රාජපක්ෂ නොදැවී පන්දු 21කදී හයේ පහර 02ක් සමගින් ලකුණු 35ක් වාර්තා කළේය.

කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා නායක දසුන් ශානකගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලූ 8ක් දැවී ලකුණු 159ක් රැුස් කළේය. ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ට හොඳ හැටි සංග‍්‍රහ කළ අකීබ් අයියාස් පන්දු 38කදී ලකුණු 59ක් ඕමාන ඉනිමට එක් කළේය. හතරේ පහර 3ක් සහ දැවැන්ත හයේ පහර 4ක්ද එම ඉනිමට ඇතුළත් කිරීමට අකීබ් වග බලා ගත්තේය. කාශ්‍යප් ප‍්‍රජාපති ලකුණු 22ක් සහ අයාන් කාන් ලකුණු 20ක් ලබා ගැනීමට සමත් විය.

ලකුණු සටහන

ඕමානය පන්දුවාර 20දී කඩුලූ 8ක් දැවී ලකුණු 159යි. (ජටින්දර් සිං 05, කාශ්‍යප ප‍්‍රජාපති 22, අකිබ් අයියාස් 59, සීෂාන් මෂූඞ් 16, අයාන් කාන් 20, නසීම් කුෂි 06, සන්දීප් ගෟඞ් 12, මොහොමඞ් නදීම් 00, ෆයියාස් බට් 03, කලී මුල්ලාහ 01, ළහිරු කමාර 20/2, චාමික කරුණාරත්න 39/2, බිනුර ප‍්‍රනාන්දු 9/1, මහීෂ් තීක්ෂණ 24/1, දසුන් ශානක 24/1)

ශී‍්‍ර ලංකාව පන්දුවාර 17.3කදී කඩුලූ 5ක් දැවී ලකුණු 163යි (පැතුම් නිස්සංක 26, දිනේෂ් චන්දිමාල් 18, චරිත් අසලංක 05, අවිශ්ක ප‍්‍රනාන්දු 33, භානුක රාජපක්ෂ 35, දසුන් ශානක 00, චාමික කරුණාරත්න 35, මොහොමඞ් නදීම් 22/2, සෂීම් මසූඞ් 38/1, ෆයියාස් බට් 30/1, කලීමුල්ලා 31/1).

advertistmentadvertistment
advertistmentadvertistment