චාල්ස් කුමරු හදිසි අනතුරක් සැලසුම් කළා – ඩයනාගේ රහස් ලියවිල්ල ගැන චාල්ස්ගෙන් ප‍්‍රශ්න කළ බව ස්කොට්ලන්ඞ්යාඞ් පොලිසිය හෙළි කරයි

741

සිය සැමියා හදිසි අනතුරක් සැලසුම් කරන බවට ඩයනා කුමරිය ලියූ රහස් ලියවිල්ලක් සම්බන්ධයෙන් ස්කොට්ලන්ඞ්යාඞ් පොලිසිය චාල්ස් කුමරුගෙන් ප‍්‍රශ්න කළ බව එම පොලිසියේ ප‍්‍රධානියකු වූ ජෝන් ස්ටිවන්ස් මුල්වරට හෙළි කර ඇත.

ඩයනාගේ මේ ලිපියේ දක්වා ඇත්තේ වාහනයක තිරිංගවල දෝෂයක් ඇති කර හදිසි අනතුරක් සිදු කිරීමෙන් පසු චාල්ස් කුමරු බකිංහැම් මාලිගයේ සේවිකාවක් විවාහ කර ගැනීමට සැලසුම් කර ඇති බවයිග ඩයනාගේ මේ චෝදනාව ගැන චාල්ස් කුමරු දැක්වූ ප‍්‍රතිචාරය ස්කොට්ලන්ඞ්යාඞ් පොලිසිය තොරතුරු හෙළි කර නැතග ඩයනා කුමරිය ගමන් කළ බෙන්ස් රිය වසර ගණනකට පෙර පැරිසියේ උමං මාර්ගයකදී කොන්කී‍්‍රට් වැටේ ගැටී ඇයත් ඇගේ රියැදුරු සහ ආරක්ෂක නිලධාරියා ද මරුමුවට පත් වියග මේ අනතුර සිදුවීමට පෙර කුඩා ෆියට් රථයක පැමිණි අයෙක් ඩයනාගේ රථයේ රියැදුරුගේ මුහුණට ආලෝක ධාරාවක් එල්ල කිරීමෙන් අනතුර සිදු වූ බවට තොරතුරු ප‍්‍රචාරය විය.

advertistmentadvertistment
advertistmentadvertistment