චාල්ස් රජුගේ රාජාභිෂේකයට රාජ්‍ය නායකයන් රැසක්

223

තෙවැනි චාල්ස් රජු සහ කැමිලා බිසවගේ රාජාභිෂේක උත්සවයට රටවල් 5 කට හැර අන් සියලු රටවලට ඇරයුම් කර තිබුණි. එහෙත් රුසියාව, බෙලාරූස්, වෙනිසියුලාව, ඉරානය සහ උතුරු කොරියාවට ඇරයුම් කර නැත. යුක්රේනයට ඇරයුම් කර තිබුණත් එම රට සහභාගී වන බවට වාර්තාවී නැත. මෙම රාජාභිෂේක උත්සවයට 29,000 ක ආරක්‍ෂක බළකායක් යොදවා තිබුණි.

ස්ටර්ලින් පවුම් මිලියන 280 ක් එම ආරක්‍ෂක වැඩපිළිවෙළට වෙන්කර තිබුණි. බි්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කළේ රාජ්‍ය නායකයන් ඇතුළු 2200 කට අධික ප්‍රභූන් ආරක්‍ෂා කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබූ බවය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මෞලි මංගල්‍ය උත්සවයට සහභාගි වීම පිණිස ලන්ඩනයට පැමිණ සිටියේය.

මේ අතර බ්‍රිතාන්‍යය අධිතාක්‍ෂණික ඩයමන්ඩ් යුද නැව තේම්ස් නදියේ නතර කර තිබූ අතර ඊට ඩ්‍රෝන් යානා විනාශ කිරීමේ හැකියාවක් ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment