චාල්ස් රජුට පිළිකාවක්

1286

එංගලන්තයේ 03වැනි චාල්ස් රජු පිළිකාවකින් පෙළෙන බව වෛද්‍ය පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.ඒ අනුව අදාල ප්‍රතිකාර රජ මාළිගයේ දීම සිදු කිරීම ආරම්භ කර ඇතැයි බකිංහැම් මාලිගය නිවේදනය කරයි. වැළදී ඇති පිළිකාව කුමක්දැයි කියා සදහන් කර නැත.ප්‍රතිකාර ලබා දෙන කාලය තුළ ඉදිරි මහජන කටයුතු සහ උත්සව අවස්ථා සඳහා සහභාගී නොවන ලෙස වෛද්‍යවරු චාල්ස් රජුට උපදෙස් දී ඇතැයිද බකිංහැම් මාලිගය වැඩි දුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment