චාල්ස් රජු උපදේශක මණ්ඩලය වැඩි කරයි

128

එංගලන්තයේ තුන්වැනි චාල්ස් රජු තමා වෙනුවෙන් හදිසි අවස්ථාවකදී රාජකීය රාජකාරි කටයුතු ආවරණය කිරීමේ බලය පැවරෙන රාජ්‍ය උපදේශකයන්ගේ (කවුන්සලර්ස් ඔෆ් ස්ටේට්) සංඛ්‍යාව දෙදෙනෙකුගෙන් වැඩි කිරීමට පියවර ගෙන තිබේ. මෙසේ අලුතින් රජු සිය රාජකීය කටයුතු ආවරණය කිරීමේ බලය පවරා ඇත්තේ ඔහුගේ සහෝදරිය වන ඈන් කුමරියට හා බාල සහෝදරයා වන එඩ්වර්ඩ් කුමරුටය (වෙසෙක්ස් හි අර්ල්වරයා). මෙම නව පත්වීම් සමගම හදිසියේ රජු විසින් විදෙස් සංචාරයක නිරත වන විට හෝ අසනීප තත්ත්වයකට මුහුණ පෑ විට ඔහුගේ රාජකාරි කටයුතු ආවරණය කිරීමේ බලය පැවරෙන රාජකීය රාජ්‍ය උපදේශකයන්ගේ සංඛ්‍යාව හතක් දක්වා ඉහළ ගොස් තිබේ.

දැනට චාල්ස් රජුගේ රාජ්‍ය උපදේශකයන් හත්දෙනා වනුයේ ඔහුගේ බිසව වන කැමිලා, වැඩිමල් පුතු වන විලියම් කුමරු, බාල පුත් හැරී කුමරු, සොහොයුරා වන ඇන්ඩ්රු කුමරු, ඔහුගේ දියණිය වන බියටි්‍රස් කුමරිය, ඈන් කුමරිය හා එඩ්වර්ඩ් කුමරුය. මොවුන් අතුරින් ස්ත්‍රී අපයෝජන චෝදනාවකට මුහුණ පා සිටින ඇන්ඩ්රු කුමරු හා රජ පවුලේ කටයුතුවලින් ඉවත්ව සිටින හැරී කුමරු රාජකීය කටයුතුවලින් ඉවත් කර සිටින අය වන අතර අලුතින් පත් වූ දෙදෙනා විසින් අදාළ දෙදෙනාගේ රාජකාරි කටයුතු ආවරණය කරනු ඇති බව විශ්වාස කෙරේ. මෙම නව රාජකීය පත්වීම් සම්බන්ධයෙන් සාමි මන්ත්‍රී මණ්ඩලයද දැනුවත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment